දැනට බන්ධනාගාර ගතව සිටින කුඩු ජාවාරම්කරුවකු විසින් මෙහෙයවනු ලබන මහා
පරිමාණ කුඩු ජාවාරමකට සම්බන්ධ කාන්තාවක් සහ තවත් පුද්ගලයකු රුපියල් එක්ලක්ෂ
තිස්පස් දහසක හෙරොයින් සමඟ බියගම ප්‍රදේශයේ දී මීගහවත්ත පොලිසිය විසින්
අත්අඩංගුව ගෙන තිබේ.
දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේ පදිංචි සැකකාර කාන්තාව හෙරොයින් පැකට් 160ක්
විකිණීමට ගෙන යමින් සිටිය දී බියගම මල්වාන හන්දියේ දී අත්අඩංගුවට ගෙන ඇත.
පසුව එම කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේ දී විකිණීම සඳහා ඇයට හෙරොයින් ලබාදෙන
පුද්ගලයකු බියගම මල්වාන ප්‍රදේශයේ දී කුඩු ග්‍රෑම් 4.500ක් සමඟ පොලිසිය විසින්
අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර කාන්තාව බියගම ප්‍රදේශය පුරා කුඩු ලබාදෙන නියෝජිතවරියක වශයෙන්
කටයුතු කරන අතර පෞද්ගලිකව ලද තොරතුරකට අනුව මේ වැටලීම සිදු කර ඇත.
සැකකරුවන් මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව
තිබුණි.
මීගහවත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්. ඩී. ආර්. පි‍්‍රයන්ත,
උ.පො.ප. රංජිත්, පො.ප. ජී. චන්ද්‍රලාල්, පො. සැ. (18145) කුලරත්න, පො. කො.
(82061) ලක්ෂාන්, පො. කො. (36501) රත්නමලල, පො.කො. 6015 අබේසිංහ, පො.කො. (61335)
ඉන්දික, කා. පො.කො. (2742) ඉෂාරා යන නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.
දෙල්ගොඩ සමූහ – ජී. සුදත් පුබුදු කීර්ති
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment