Photobucket

Wednesday, December 12, 2012

රවි ශංකර් සමුගනී

සංගීතවේදී රවි ශංකර් අභාවප්‍රාප්ත විය ඉන්දියාවේ අසහාය සිතාර් වාදකයා වූ ඔහු ලෝක මට්ටමේ සංගීතඥයෙක් විය. එදා මෙදා තුර ඇසූ විඳි අමියුරු ගී රැසක නිර්මාතෘවරයා ඔහුය. දිල්ලියේ හර්යානාවල උසස් බ්‍රාහ්මණ පවුලක 1920 අප්‍රේල් මස ‍7 වැනි දින උපත ලද ඔහු මිය යන වට 92 වන වියේ පසුවිය. රවි ශංකර් මුලින් ම සංගීතය සැපැයුවේ වචන්’ (1955) චිත්‍රපටයටය. රවි චිත්‍රපට සංගීතය උදෙසා සිවු වතාවක් ෆිල්ම් ෆෙයාර් සම්මාන දිනා ඇත.

 ඒ ඝරානා’ (1961), ‘කන්ධාන්’ (1965), ‘සර්ගම්’ (1993) හා පරිනායම්’ (1995) වැනි චිත්‍රපටවලටය. වචන්චිත්‍රපටයට ඔහු නිර්මාණය කළ චන්දා මාමා දූර්කේ’, ‘ඒක්පුල් දෝ මාලිචිත්‍රපටයට නිර්මාණය කළ තුජේ සුරජ් කහුංවැනි ගීත ඔහුගේ සුප්‍රකට ළමා ගී තනු දෙකකි. ආශා බෝස්ලේ, ලතා මංගේෂ්කාර්, හොඳම ගායිකාවන් ලෙස මුලින්ම ෆිල්ම් ෆෙයාර් සම්මාන හිමිකරගෙන ඇත්තේද රවි ශංකර්ගේ තනු නිසාය. රවි ෂන්කර් චිත්‍රපට 250කට පමණ සංගීතය සපයා ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all