Photobucket

Wednesday, December 12, 2012

දින 3 ක්‌ කැණීම් සිදු කළත් ලයන් එයාර් මගීන්ගේ මළ සිරුරු හමු නොවේ

කොටි ත්‍රස්‌තවාදී මිසයිල ප්‍රහාරයකින් විනාශයට පත්වූ ලයන් එයාර් ගුවන් යානයේ මගීන් 31 දෙනෙකුගේ සිරුරු වළ දමා ඇතැයි කියන ඉරණතිව් කවින්දාමුණ ප්‍රදේශයේ මුහුදු වෙරළේ දින තුනක්‌ තිස්‌සේ කැණීම් සිදු කළද  (11 වැනිදා) වනතුරුත් එම සිරුරු කොටස්‌ පිළිබඳව කිසිදු තොරතුරක්‌ ලැබී නොතිබිණි.

ඉරණතිව් කවින්දාමුණ මුහුදු වෙරළ ඉතාම විශාල ප්‍රදේශයක්‌ පුරා පැතිර තිබීම නිසා මෙම සිරුරු වළ දැමූ ස්‌ථානය නිශ්චිතව හඳුනා ගැනීම විශාල ගැටලුවක්‌ බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.

1998 වර්ෂයේ සැප්තැම්බර් මස 29 වැනිදා කොටි ත්‍රස්‌තවාදීන් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් මෙම යානය ඉරණතිව් මුහුදට කඩා වැටී තිබිණි. එම අවස්‌ථාවේ කාර්ය මණ්‌ඩලයේ 7 දෙනෙක්‌ සහ මගීහු 48 දෙනෙක්‌ මෙම යානයේ ගමන් කරමින් සිටියහ. ඒ අතුරින් 31 දෙනෙකුගේ මළ සිරුරු ඉරණතිව් මුහුදු වෙරළට ගොඩ ගසා තිබූ අතර කොටි ත්‍රස්‌තවාදීන්ගේ නියෝගය මත ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියා ඇතුළු පිරිසක්‌ විසින් මෙම සිරුරු වෙරළේ ස්‌ථාන 3 ක වළ දමනු ලැබූහ.

සිරුරු වළ දැමීමට සම්බන්ධ වූ ග්‍රාම නිලධාරියා විසින් වසර 14 කට පසු ලබාදුන් තොරතුරුවලට අනුව ඒවා වළ දැමූ ස්‌ථාන හඳුනා ගැනීම සඳහා පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කරන ලදි. මෙම ගුවන් යානයට මිසයිල ප්‍රහාර එල්ල කර එය බිම හෙළුE කොටි ත්‍රස්‌තවාදියාද මේ වන විට පොලිස්‌ අත්අඩංගුවේ සිටියි. මුහුදේ සිට මීටර් 10 ක්‌ පමණ ගොඩ බිම ප්‍රදේශයේ මෙම සිරුරු වළ දමා තිබෙන අතර ඒවා අඩි 4 ක්‌ පමණ ගැඹුරු වළවල් හාරා වළදැමූ බවද ග්‍රාම නිලධාරියා පොලිසියට පවසා ඇත. වළ දැමූ සිරුරු කොටස්‌ සෙවීමේ කැණීම් කටයුතු දිගටම කරගෙන යන බවද පොලිසිය පවසයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all