මිතුරන්
සමග මත්පැන් සාදයක් පවත්වා අවසානයේදී වැවක දිය නෑමට ගිය අයෙකු දියේ ගිලී
මිය ගොස් තිබියදී ප්රදේශවාසීන් විසින් සොයා ගෙන ඇත.මෙසේ මිය ගොස් ඇත්තේ
මාදම්පේ - සෙම්බුකට්ටිය,ලියගොමුව වත්ත පදිංචිව සිටි රන්දුනු
පතිරැන්නැහැලාගේ චාමර ප්රසන්න (25) නම් වූ විවාහකයෙකි. ඉකුත් 05
වැනි දින සවස 05 දෙනෙකුගෙන් සමන්විත මිතුරන් පිරිසක් මාදම්පේ - වාලහේන වැව්
බැම්මට ගොස් ඇත්තේ මත්පැන් සාදයක් පවත්වන්නටය.
මත්පැන් බෝතල 02 ක් හිස් කළ
මිතුරන් සවස 3.30 ට පමණ දිය නෑම සඳහා වාලහේන වැවට බැස ඇත.
මෙසේ වැවට බැස්ස අය අතරින් මිය ගිය අය ටික වේලාවකින් නොපෙනී ගොස් ඇත.පසුව
මේ බව ඔහු සමග සිටි අය සහ ප්රදේශවාසීන් විසින් මාදම්පේ පොලීසියට දක්වා
ඇත.අනතුරුව තඹගල්ල - මැදගම හදිසි මරණ පරීක්ෂක සිරිකුමාර විජේතුංග මහතාද එම
ස්ථානයට පැමිණියේය.
ඒ
අතර තුර දියේ ගිලී අතුරුදහන්වී සිටින අය සෙවීමේ මෙහෙයුමක් ප්රදේශවාසීන්
කීප දෙනෙකු විසින් දියත් කරන ලදී.වාලහේන වැවේ අඩි 12 ක් පමණ ගැඹුර වළක තිබී
මළ සිරුර පස්වරු 5.45 ට පමණ සොයා ගන්නා ලදි.
මිය
ගොස් සිටි අයගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා හලාවත මහා
රෝහල වෙත යවන ලෙස හදිසි මරණ පරීක්ෂක විසින් මාදම්පේ පොලීසියට නියෝග කරණ
ලදි.
මාදම්පේ පොලීසිය වැඩි දුර පරීක්ෂණ කරගෙන යයි.
ජුඩ් සමන්ත
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment