ඉන්දියාවෙන් චෝදනා
සටන්කාමින් පුහුණු කරන කඳවුරු 40කට වැඩි සංඛ්‍යාවක් පාකිස්තානයේ පවතින බව
ප්‍රකාශකරන ඉන්දියාව දෙරට අතර දැඩි රැකවල්ලා තිබෙන දේශසීමාව තරණය
කිරීමට නිරන්තරවම ප්‍රයත්න දරන්නේ මොවුන් බවට චෝදනාකර තිබේ.
පාකිස්තාන
පාලනයට අයත් කාශ්මීරයේ මෙවන් කඳවුරු 25ක් පවතින බවත් පාකිස්තාන යේ පමණක්
තවත් 17ක් ඇති බවත් ඉන්දියාව හඳුනාගෙන ඇති බවත් මේවායේ 2500ක පමණ සටන්කාමින්
පිරිසක් සිටන බවත් කණිෂ්ඨ ස්වදේශ කටයුතු ඇමැති මුල්ප්පාලි රාමචනද්‍රන්
පාර්ලිමේන්තුවට පවසා ඇත.
මේ ත්‍රස්ත කඳවුරු කිසිඳු හානියකින් තොරව පවත්වා ගෙන යන බැවින් ඉන්දිය ආරක්ෂක
අංශවලට අභියෝගයක් වන පරිද්දෙන් ඒවායේ පුහුණු ව ලැබුවන්දේශසීමා ඔස්සේ
පිවිසීමට ප්‍රයත්න දරණ බව දඔහු කීවේය. මේ කඳවුරු ගත ත්‍රස්තයන් පාකිස්තාන
හමුදාවේද සහාය ඇතිව මේවසරේ දී ඉන්දියාවට ඇතුළුවීමට 249 වාරයක් උත්සාහ දරා
ඇතැයි ඔහු කීවේ පසුගිය
ඔවුන් ඉන්දියාවට ඇතුළුවීමට දරණ ප්‍රයත්නයන්ට පාකිස්තාන හමුදා හා
බුද්ධිඅංශවල සහාය ලැබෙනබව ඉන්දීය බුද්ධිඅංශය අනාවරණය කරගෙන ඇතැයිද
මෙහිදී ඉන්දිය පාලනයට යටත් කාශ්මීර කොටසේ ජම්මු කලාපය ත්‍රස්ත පිවිසුම්
ප්‍රයත්නයන්ට වඩාත්ම ගොදුරුව ඇතැයිද ඇමැතිවරයා වැඩි දුරටත් කීවේය.
එහෙත් ඉන්දීය දේශසීමා ආරක්ෂකයන් එම ප්‍රයත්නයන් ව්‍යර්ථ කර ඇති බවද ඔහු
පැවසීය.
මේ ප්‍රයත්නයන් වළකාලීමට ආරක්ෂක සේවාවන් සේම බුද්ධි අංශ ක්‍රියාවලින් හා
ඉදිකර ඇති දේශසීමා වැටද ඉවහල්ව ඇතැයි ඔහු කීවේය.
නවදිල්ලිය- ඒ එෆ් පි
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment