කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට පිහිටි වෙළෙඳසලක ඊයේ (7 දා)
හටගත් ගින්නකින් පලතුරු හා බීම වෙළෙඳසලක් හා හෝටලයක් විනාශ
වී තිබේ.
ඊයේ (07 වැනිදා) දහවල් 12.50 ට පමණ ගින්න හටගත් අතර, පසුව එම ස්ථානයට පැමිණි කොළඹ මහ නගර සභා ගිනි නිවීම් රථ තුනක් උපයෝගී කරගෙන ගින්න මැඩ පවත්වන ලදී. යම්කිසි පිපිරීමක් සමග ගින්න හටගත් බව සිද්ධිය දෑසින් දුටු කීපදෙනකුම "දිවයින"ට පැවසූහ. මෙය වෙළෙඳසලක ගෑස් සිලින්ඩරයක් පුපුරා යැමෙන් ගින්න ඇතිවන්නට ඇතැයි පොලිසිය සැක පහළ කරයි.
මෙම ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුවී නැත. ගින්නෙන් වෙළෙඳසල්වලට සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නැත. කොටුව පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක චම්ලි රත්නායක මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් හා කොළඹ මහ නගර සභා ගිනි නිවීම් ඒකකය එක්ව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
ප්රදීප් ප්රසන්න සමරකෝන් - පිංතූර - ප්රදීප් ජයසේකර
දිවයින ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment