තීරු බදු
රහිතව වාහනයක් ගෙන්වීමට තමන්ට ලැබෙන බලපත්‍රය විකිණීමට ඉඩ දෙන ලෙස ඉල්ලමින්
මන්ත්‍රීවරුන් කළ යෝජනාව මහා භාණ්ඩාගාරයට යොමු කළ බව පාර්ලිමේන්තු කටයුතු
ඇමතිනී සුමේධා ජි. ජයසේන ලක්බිම ඉරිදා සංග්‍රහය ට පැවසුවාය.
සිය අමාත්‍යංශයේ පැවැති උපදේශක කාරක සභා රැස්වීමේ දී ආණ්ඩුවේ මෙන්ම
විපක්ෂයේ ද මන්ත්‍රීවරුන් මේ ඉල්ලීම කළ බව ඇමැතිවරිය කීවාය. තීරු බදු රහිත
වාහන ගෙන්වීමට රජයේ සේවකයන්ට ලැබෙන බලපත්‍රය විකිණීමට ඔවුන්ට නීතියෙන්
බාධාවක් නැති බැවින් ඔවුන්ට හිමි වරප්‍රසාදය තමන්ටද දෙන ලෙස මන්ත්‍රීවරුන්
පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ. මන්ත්‍රීවරුන්ට වාහන
ගෙන්වීමේ දී පහසුකම් සපයන්නේ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය වුවත් තීරු
බදු සහන සම්බන්ධයෙන් තීරණ ගන්නේ මහා භාණ්ඩාගාරය බැවින් මේ යෝජනාව
භාණ්ඩාගාරයට යොමු කළ බව සුමේධා ජි ජයසේන ඇමැතිවරිය වැඩිදුරටත් කීවාය.
මිහිරි ෆොන්සේකා
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment