අනියම් ප්‍රේම සම්බන්ධයක්පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිංගප්පූරු
පාර්ලිමේන්තුවේ කතානායක මයිකල් පැල්මර් එම ධුරයෙන් හා මන්ත්‍රි ධුර නියෝජනය
කළ ආසනයෙන්ද ඉල්ලා අස්විමෙන් පසු විපක්ෂ දේශපාලන පක්ෂ විසින් එම අසුන
වෙනුවෙන් අතුරු මැතිවරණයක් පවත්වන ලෙස අගමැති ලී සියන් ලූන් ගෙන් ඊයේ ඉල්ලා
ඇත.
44 හැවිරිදි පැල්මර් මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ පාපෝච්චාරණයක
යෙදෙමින් පාර්ලිමේන්තු අසුනෙන් පමණක් නොව පාලක ජනතා ක්‍රියාකාරි පක්ෂයේ
සාමාජිකත්වයෙන්ද ඉල්ලා අස්වන බව ප්‍රකාශ කිරීමෙන් පැය 24 ක් ඉක්ම යාමටත්
මත්තෙන් විපක්ෂ කණ්ඩායම්වලින් ඉහත සඳහන් ඉල්ලීම සිදුව ඇත.
පැල්මර් කතානායක ධුරයට පත්වුයේ 2011 ඔක්තෝබර් මාසයේය. එක්දරු පියකු වන ඔහු ගේ
අනියම් සම්බන්ධයට මැදිහත්ව සිටින 33 හැවිරිදි ලෝරා ඔන්ග් නම් කාන්තාව හා ඔහු
දැක්වෙන ඡායාරූප ඊයේ පුවත්පත්වලද පලව තිබිණ.






0 comments:
Post a Comment