Photobucket

Saturday, December 8, 2012

ශ්‍රී ලංකා බලාපොරොත්තු බිද වැටේ

ජනාධිපති මහින්ද රාජපක්ෂ කුසලාන පාපන්දු 

ජනාධිපති මහින්ද රාජපක්ෂ කුසලාන අන්තර් ජාතික අවුරුදු 23න් පහළ පාපන්දු තරගාවලිය යටතේ සත්කාරක ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති මූලික වටයේ අවසන් තීරණාත්මක තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය‍. 

අවසන් මහා තරගයට පිවිසීමේ අරමුණින් දෙපිළම තරගබිමට පිවිසියත් කණ්ඩායම් දෙකේම දැල් රකින්නන්ගේ දක්ෂතා නිසා ‍ගෝල වාර්තා කිරීමට කණ්ඩායම් දෙකටම නොහැකිවිය. 

තරගය ආරම්භයේ සිටම තියුණු සටනක නිතරවු ශ්‍රී ලංකා කණ්ඩායමට ගෝල ලබාගැනීමට තිබුණු පහසු අවස්ථා කිහිපයක් මඟහැරී ගියේ නිවැරදි ඉලක්කයට දැලවෙත පන්දුව එල්ල නොකිරීම නිසාය. 

තරගයේ 33වැනි මිනිත්තුවේදී ශ්‍රී ලංකා පිලේ එස්.එම්.ෆරාඩ් විසින් දැල වෙත එල්ල කළ පන්දුව දැල් කණුවේ වැදී යලි පිටියට වැටිණි.

මේ අතර තරගයේ 79වැනි මිනිත්තුවේදී පිට පිටම තුන්වතාවක් දරුණු පහාරයක් එල්ල කිරීමට පාකිස්තාන පිලේ ඉදිරිපෙළ ක්‍රීඩකයන් සමත්වුවද දැල් රකින්නා වු සුජාන් පෙ‍රේරාගේ විශිෂ්ට දැල් රකීම හේතුවෙන් පාකිස්තානයට ගෝල ලබාගැනීමේ අවස්ථා මඟ හැරිණි.

මුලික වටයේ ප්‍රසාද ලකුණුවලින් පාකිස්තානය ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටි බැවින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට පාකිස්තානය සමත්විය.

බංග්ලාදේශයට ජය
මාලදිවයින සහ බංග්ලාදේශය අතර ඊයේ පැවැති පළමු තරගයෙන් මාලදිවයින පරාජය කරමින් ගෝල 1-0ක ජයක් හිමිකර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය. තරගයේ පළමු භාගයේ 30වැනි මිනිත්තුවේදී බංග්ලාදේශ ක්‍රීඩක තහිදුල් අලාම් ගෝලයක් වාර්තා කළද ඉන්පසු කණ්ඩායම් දෙකටම ‍‍ගෝල වාර්තා කිරීමට නොහැකිවිය. 

බංග්ලාදේශය මේ තරගයෙන් ජයගත්තද අවසන් තරගයට යෑමේ අවස්ථාව අහිමි වන අතර මාලදිවයින් කණ්ඩායම මුල් තරග දෙක ජයගනිමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා සිටියේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ කුසලාන අන්තර් ජාතික පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය හෙට සවස 3.30ට නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

දිනමිණ ඇසුරින් පලකරන ලදී.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all