විදේශීය සුපිරි වෙළෙඳ සමාගම්වලට තම රටතුළත්, සිල්ලර
වෙළෙඳාම ආරම්භ කිරීමට අවසර දීමේ මතභේදයට තුඩු දී තිබුන සැලැස්ම සඳහා
පාර්ලිමේන්තුවේ අනුමැතිය දිනා ගැනීමට ඉන්දීය ආණ්ඩුව සමත් විය.

විදේශීය සමාගම්වලට දොරටු විවෘත කිරීමේ සැලැස්මට
පාර්ලිමේන්තු අනුමැතිය අත්‍යවශ්‍ය නොවන නමුත්, අදාළ පාර්ලිමේන්තු ඡන්දයෙන්
පරාජය වීනම් එය ආණ්ඩුව ඉතා දුෂ්කර තත්වයක් මතු කිරීමට හේතු විය හැකිව
තිබිණ.
විදේශීය බහුජාතික සමාගම්වලට දොරටු විවෘත කරනු
ලැබීම ඉන්දීය දේශීය ගොවීන් සහ කුඩා වෙළෙඳුන් කෙරෙහි අහිතකර බලපෑමක් ඇති
කරන්නේය යන්න විවේචකයන්ගේ තර්කයයි.
එහෙත් එය අත්‍යවශ්‍ය පියවරකැයි කියා සිටින ඉන්දීය ආණ්ඩුව, විදේශීය ආයෝජන රටේ ආර්ථික වර්ධනයට ඉවහල් වන බවයි පෙන්වා දෙන්නේ.
බීබීසී වෙබ් අඩවිය ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment