කොළඹ මරදානේ ට්‍රිපොලි යුද හමුදා කඳවුරේ ප්‍රධාන ගේට්ටුවේ ආරක්ෂක රාජකාරියේ
යෙදී සිටි යුද හමුදා භටයකු ටී – 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් හා පතරොම්
තොගයක් රැගෙන පලා යාමේදී මරදාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මරදාන පොලිසියේ පො. සැ. වර්ණසූරිය (30569), පො. කො. නිමල් (61038) යන නිලධාරි
මහතුන් විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් වැඩිදුර පරීක්ෂණ සඳහා
අවශ්‍ය බව දන්වා සිටියහ.
ඒ අනුව එම සැකකරු මරදාන පොලිසියේ දින 7 ක් රඳවා තබාගෙන පරීක්ෂණ පැවැත්වීමට
පොලිසියට අවසර දුන් මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් එල්. ලියනආරච්චි
මහත්මිය වැඩිදුර පරීක්ෂණ වාර්තාවක් දෙසැම්බර් මස 12 වෙනිදා අධිකරණයට
ඉදිරිපත් කරන ලෙස ද පොලිසියට නියෝග කළාය.
මරදාන පොලිසියේ පො. ප. හේවාවිතාරණ, උ. පො. ප. සිල්වා, පො. සැ. (19407) රංජිත්,
පො. කො. (16571) අබේසිංහ, පො. කො. (70805) කොඩිතුවක්කු, පො. කො. (81061) අමිල,
පො. කො. (61175) සජිත් යන මහත්වරු ද මෙම වැටලීම සිදුකර තිබේ.
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment