ඉඩම්
නඩුවකට පෙනී සිටීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණි වියපත් කාන්තාවක්
ශ්‍රේෂ්ඨාධිකරණය තුළ දී හෘදයා බාධයක් වැළ දී මිය ගියහ.
මෙසේ මිය ගියේ
කරකඩුව ප්‍රදේශයේ සිට අභියාචනාධිකරණයේ 302 කාමරයේ විභාග වූ ඉඩම් නඩුවකට
පැමිණි 63 හැවිරිදි භද්‍රාවතී නැමැති කාන්තාවයි. ඇය පැමිණ සිටියේ ඇගේ
සැමියා සමඟ වන අතර අභියාචනාධිකරණ මැදිරිය තුළදී හදිසියේ හෘදයාබාධයක්
වැළදීම නිසා ඇයව මැදිරියෙන් ඉවතට ගෙන නීතිඥවරුන් හා ආරක්ෂක සේවකයන් ඇයට
ප්‍රතිකාර ලබා දෙන්නට වූහ. නමුත් එම අවස්ථාවේ ඇගේ හිස පහතට කඩා වැටුණි. ඉන්
පසුව උපරිමාධිකරණයේ ගිලන් රථයකින් ඇය කොළඹ ජාතික රෝහලට රැගෙන ගිය අතර
එහිදී ඇය මිය ගොස් ඇති බව වෛද්‍යවරුන් පැවසූහ.
නිශානි ලසිතා බන්නැහැක
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment