Photobucket

Wednesday, December 26, 2012

කල්අඩිතිවු කළපුවේ පඳුරක් යට රුපියල් කෝටියක් වටිනා හෙරෝයින්

දකුණු ඉන්දියාවේ සිට බෝට්ටුවකින් මෙරටට ගෙන ආ බවට සැකකෙරෙන රුපියල් කෝටියකට වැඩි වටිනාකමක් ඇති හෙරෝයින් මත්කුඩු කිලෝ එකකුත් ග්‍රෑම්ස් 90ක් මන්නාරම කල්අඩිතිවු කලපු ඉවුරේ පඳුරක් යට තිබී මන්නාරම දිසා බුද්ධි විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් ඊයේ (25දා) අලුයම සොයා ගෙන ඇත.

ජලය කාන්දුවීමට නොහැකි ලෙසින් කුඩා පාර්සල් දෙකක ඔතා තිබූ එක් පාර්සලයක ග්‍රෑම්ස් 550ක් හා අනිකේ ග්‍රෑම්ස් 540ක් තිබුණි. මේ මස මුල් සතියේ දී මන්නාරමෙන් මෙවැනිම මත්කුඩු තොගයක් අත්අඩංගුවට ගන්නා ලදී.

උතුරු දිසා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි සිල්වා, මන්නාරම පොලිස් අධිකාරී ලක්සිරි විජේතිලක, සහකාර පොලිස් අධිකාරී අයි. බී. පී. සුගතපාල, බුද්ධි ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයලත් සුනිල්, සැරයන් සරත් 29953, කොස්තාපල්වරුන් වන ජයසේකර 60171 මැදගොඩ 9081 සඳරුවන් 78806 දේශප්‍රිය 82239 හා නාරද 86407 යන මහත්වරුන් වැටලීම කළහ. මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all