Photobucket

Wednesday, December 26, 2012

හුලං නොබසින අරුම පුදුම ටයරය

යක්කලමුල්ලේ තරුණයකුගෙන් හපන්කමක්

යක්කලමුල්ල කොට්ටව ප‍්‍රදේශයේ විදුලි කාර්මිකයකු නවතම ක‍්‍රමවේදයක් අනුව වාහනයක ටියුබ් නොමැතිව ටයරය පමණක් ඇතිව,හුලං පුරවන ලද කුඩා රබර් බෝල උපයෝගි කර ගනිමින් තියුණු තුඩු සහිත ඕනෑම මතුපිටක් උඩින් ටයරය ධාවනය කළ හැකි ක‍්‍රමවේදයක් සකස් කොට ඇත.ටයරයට හෝ රබර් බෝලවලට හානියක් නැත. 

බයිසිකල් ටයරයක ටියුබය වෙනුවට ටියුබය ඉවත් කොට හුලං ගසන කරාමය තුළින් මෙම සිහින්ව සකසන ලද සුළං පුරවන ලද කුඩා රබර් බෝල ඇතුළත් කරයි. 

ඕනෑම පීඩනයකට ඔරොත්තු දිය හැකි මෙම ටියුබ් වෙනුවට සකසන ලද රබර් බෝල එම වාහනයේ ප්‍රමාණය අනුව මෙම රබර් බෝල පීඩනයට ඔරොත්තු දෙන ආකාරයට සකස් කිරීමට හෙතෙම දක්‍ෂතා දක්වයි. 

ඒ අනුව බස් කාර් ලොරි ආදි වහනවලටද යතුරු පැදි පාපැදි ආදි ඕනැම වාහනයකට මෙම ක‍්‍රමය මගින් ටියුබ් රහිතව හුලං වෙනුවට හුලං පුරවන ලද මෙම රබර් බෝල උපයෝගි කර ගෙන ටයරය ධාවනය සඳහා යෙදවිය හැකිය. 

මෙම ටයරයේ රිම් එකේ ඇති හුලං ටයරයට ඇතුළු කරන ස්ථානයෙන් මෙම තෙල් ස්වල්පයක්ද යොදා මෙම හුලං පුරවන ලද රබර් බෝල ඇතුළත් කිරීම සිදු කරන බව හෙතෙම කියයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all