පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ බැම්මේ ස්ථාන කිහිපයකින් පුපුරායෑම නිසා
අනතුරුදායක තත්ත්වයක පවතින බව ප්‍රදේශයේ ගොවි ජනතාව කියා සිටිති.
පරාක්‍රම සමුද්‍රයේ වැබ් බැම්මේ එක් ස්ථානයක අඩි 15ක පමණ වළවල් හෑරී ඇති අතර
ඒවා වැව දෙසට හෑරී ඇති බව ගොවීන් සඳහන් කරයි.
මේ දිනවල පරාක්‍රම සමුද්‍රයේ වාන් මට්ටමටත් ඉහළින් පිරී පවතින අතර, පවත්නා
වර්ෂාවෙන් මෙම බැම්මේ වළවල් පිරී වැවට අනතුරක් සිදුවීමට ඇති ඉඩකඩ ඇති හෙයින්
ඉතා ඉක්මනින් වාරිමාර්ග බලධාරින් මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙස පරාක්‍රම
සමුද්‍රය ගොවි ජනපදයේ ගොවීන් ඉල්ලා සිටිති.
0 comments:
Post a Comment