මහකනදරා වැව පිටාර ගැලීමෙන් පීඩාවට පත් ජනතාවගේ සුවදුක් බැලීමට ගොස්
පැමිණෙමින් සිටි මහකනදරාව ඓතිහාසික ගලේපන්සලේ විහාරාධිපති මහ කැලෑගම
රතනවංශ හිමිගේ සහ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන්
සේමසිංහ, මිහින්තලා ප්‍රාදේශීය සභා සභාපති යූ. බී. සිරිසේන යන මහත්වරුන්ගේ
ජීවිත අනූනවයෙන් බේරා ගෙන තිබේ.
ඉකුත් 27 වැනි දින සවස 4.00ට පමණ ශ්‍රී ලංකා
නාවික හමුදා බෝට්ටුවකින් සිද්ධියෙන් පීඩාවට පත් පවුල් 17කගේ සුවදුක් විමසීමට
ගොස් නැවත පැමිණෙමින් සිටි අවස්ථාවේදී වැවේ වාන් දොරටුව අසලදී බෝට්ටුව
ක්‍රියා විරහිත වී ඇත.
මේ අවස්ථාවේදී තද වැසි සමඟ අවට ප්‍රදේශය කළුවර වූ අතර ඒ සමඟම අඩි 30කට වඩා ඉතා
වේගයෙන් ගලායන ජලකඳ දෙසටම බෝට්ටුව ඇදෙන්නට විය. එවිටම විහාරාධිපති හිමි සහ
මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා හබල අතට ගෙන හබල් ගසන්නට වූහ. නාවික හමුදා
නිලධාරීන් දෙදෙනා ද එක්ව හබල් ගසා ජල රකුසා සමඟ සටන් කැර මෙගොඩට පැමිණීමට පැය
එකහමාරක් පමණ ගත වී ඇත.
ලේක්හවුස් ප්‍රාදේශීය වාර්තාකරුවකු වන මම ද මේ බිහිසුණු අවස්ථාවට එක් වීමි.
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා සිද්ධිය
පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි. මගේ ජීවිතයේ මේවාගේ දෙයක් නම් කිසිදිනක
සිදුවෙලා නැහැ. මට මේකෙ බැරෑරුම් කම තදින්ම දැනුණා. නමුත් මගේ බිය අන් අයට
පෙන්නුවේ නැහැ.
කලබල වුණා නම් මීට වඩා විශාල විනාශයක් වෙන්නට තිබුණා. අපි පව්
කරලා නැති නිසා ජීවිත බේරුණා. වාන් දොරටුවලින් අපි ගසාගෙන ගියානම්, අපේ
කෑලිවත් හොයන්න හම්බවෙන්නේ නැහැ. අපේ ජීවිත බේරුණේ අනූනවයෙන්. මේක මගේ
ජීවිතයේ ලද විශාල අත්දැකීමක්. ඒවගේම කිසිදිනක අමතක නොවන සිදුවීමක් බව
මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසන අතර මරණ බිය පෙනි පෙනී වාර්තාකරුවකු ලෙස කළ
කාර්යය අගය කරන බවත් පවසා ඇත.
ජීවිතයේ අමතක නොවන සිදුවීමක් ලෙස මෙය සටහන් කළ හැකි බව එහි ගිය හිදෝගම සමූහ
වාර්තාකරු පවසයි.
0 comments:
Post a Comment