Photobucket

Saturday, December 29, 2012

ඕස්ට්‍රේලියාව 2-0කින් ටෙස්ට් තරගාවලිය ජයගනී

සංගා සති 8ක් ක්‍රිකට් පිටියෙන් ඉවතට
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර මෙල්බර්න් හි පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 201ක ජයක් වාර්තා කළ ඕස්ට්‍රේලියාව ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට ඊයේ (28දා) සමත් විය. ශ්‍රී ලංකාව මුල් ඉනිමේ ලබා ගත් ලකුණු 156ට පිළිතුරු වශයෙන් ලකුණු 460ක් රැස් කළ ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 103කට සීමා කිරීමට සමත් විය.

මෙම ටෙස්ට් තරගය දින තුනකින් අවසන් වූ අතර, දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකාව පන්දුවට පහර දුන්නේ පන්දුවාර 24.2ක් පමණි.
ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පිත්තෙන් සහ පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ මිචෙල් ජොන්සන් තරගයේ වීරයා ලෙස නම් කරනු ලැබිය.

ඊයේ පෙරවරුවේ ඕස්ට්‍රේලියාව ලකුණු 460කට දැවී ගිය අතර, මිචෙල් ජොන්සන් පන්දු 150කදී හතරේ පහර 7ක් සහිතව නොදැවී ලකුණු 92ක් ලබා සිටියේය.

දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකාවේ පළමු කඩුල්ල ලෙස දිමුත් කරුණාරත්න 1 ලකුණකට දුවද්දී දැවී යාමකට හසු වූ අතර, ඩිල්ෂාන් (0), මහේල (0) සහ තිලාන් (1) දුර්වල පිතිහරඹයක නිරත වීමෙන් ශ්‍රී ලංකාවේ පරාජයට මාවත විවර විය.

සාර්ථක ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි කුමාර් සංගක්කාර ලකුණු 27ක් ලබා සිටියදී මිචෙල් ජොන්සන්ගේ බවුන්සර් පන්දුවක් ඇඟිල්‍ලේ වැදීමෙන් පිටියෙන් ඉවත් විය.

සංගක්කාරගේ ඇඟිල්ලක් බිඳී ඇති අතර, ඒ සඳහා ඊයේ ශල්‍යකර්මයක් සිදුකර තිබේ. මේ අනුව සංගක්කාරට සති 8ක කාලයක් පිටියෙන් ඉවත් වීමට සිදුවන අතර, ඔහුට පූර්ණ ඕස්ට්‍රේලියානු සංචාරයම අහිමි වෙයි.

මේ අතර ආබාධයකට ලක්වී සිටින චානක වෙලගෙදර සහ ප්‍රසන්න ජයවර්ධනද ඉදිරි තරග ක්‍රීඩා කිරීම සැක සහිත වී තිබේ.

මෙම ක්‍රීඩකයන් ආවරණය කිරීමට තිසර පෙරේරා සහ ලහිරු තිරිමාන්න සංචිතයට එක්වනු ඇතැයි ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වේ.

කඩුලු 4ක් ලකුණු 13කට දැවී යාමෙන් පසු පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් පන්දු 48කදී හතරේ පහර 5ක් සහිතව ලකුණු 35ක් රැස් කළ අතර, සෙසු පසුපෙළ පිතිකරුවෝ අසාර්ථක වූහ.

ප්‍රසන්න ජයවර්ධන සහ චානක වෙලගෙදර ආබාධ හේතුවෙන් පන්දුවට පහර දීමට නොපැමිණි බැවින් ඉනිම ලකුණු 103දී අවසන් විය.

පන්දුවෙන් සාර්ථක ප්‍රතිඵල නෙලා ගත් ජොන්සන් සහ බර්ඩ් කඩුලු 2 බැගින් බිඳ හෙලූ අතර, සිඩ්ල් සහ ලයන්ට 1 කඩුල්ල බැගින් හිමි වූහ.
 
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව පළමු ඉනිම - 156යි
සංගක්කාර 58, ජොන්සන් 63/4, බර්ඩ් 32/2, ලයන් 23/2
ඕස්ට්‍රේලියාව පළමු ඉනිම
එඩ් කවන් ඇ. මහේල ප. ප්‍රසාද්                   36
ඩේවිඩ් වෝනර් ඇ. ප්‍රසාද් ප. මැතිව්ස්          62
පිලිප් හියුස් දු.දැ.ගි. (ඩිල්ෂාන්/සංගක්කාර)   10
ෂේන් වොට්සන් ඇ. සමරවීර ප. ප්‍රසාද්         83
මයිකල් ක්ලාක් ඇ. මහේල ප. එරංග         106
මයිකල් හසී ඇ. හේරත් ප. ඩිල්ෂාන්           34
මැතිව් වේඩ් ඇ. එරංග ප. ප්‍රසාද්                   1
මිචෙල් ජොන්සන් (නොදැවී)                     92
පීටර් සිඩ්ල් ඇ. මහේල ප. එරංග                 13
නේතන් ලයන් ඇ. (චන්දිමාල්) ප. මැතිව්ස්   1
ජැක්සන් බර්ඩ් ප. එරංග                               0
අතිරේක 22
මුළු ලකුණු (පන්දුවාර 134.4කදී සියලුදෙනා දැවී)460

කඩුලු බිඳ වැටීම :- 1-95, 2-117, 3-117, 4-311, 5-313, 6-315, 7-376, 8-434, 9-451, 10-460
පන්දු යැවීම :- චානක වෙලගෙදර 14.4-6-38-0, ෂමින්ද එරංග 27-2-109-3, ධම්මික ප්‍රසාද් 26-2-106-3, ඇන්ජලෝ මැතිව්ස් 16-3-60-2, රංගන හේරත් 39-7-95-0, ටී.එම්. ඩිල්ෂාන් 12-1-38-1

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම
දිමුත් කරුණාරත්න දු.දැ.ගි. (වෝනර්/ජොන්සන්)          1
ටී.එම්. ඩිල්ෂාන් ඇ. කවන් ප. ජොන්සන්                     0
කුමාර් සංගක්කාර (පිටියෙන් ඉවත් වුණා)                   27
මහේල ජයවර්ධන ප. බර්ඩ්                                          0
තිලාන් සමරවීර ක.මු.ක. ප. බර්ඩ්                                 1
ඇන්ජලෝ මැතිව්ස් ප. ජොන්සන්                              35
ධම්මික ප්‍රසාද් ඇ. හියුස් ප. ලයන්                               17
රංගන හේරත් (නොදැවී)                                            11
ෂමින්ද එරංග ඇ. කවන් ප. සිඩ්ල්                                0
ප්‍රසන්න ජයවර්ධන (පිටියට නොපැමිණියේය)-
චානක වෙලගෙදර (පිටියට නොපැමිණියේය)-
අතිරේක                                                                  11
මුළු ලකුණු (පන්දුවාර 24.2කදී සියලු දෙනා දැවී)      103
කඩුලු බිඳ වැටීම :- 1-1, 2-1, 3-3, 4-13, 5-74, 6-102, 7-103
පන්දු යැවීම :- මිචෙල් ජොන්සන් 8-0-16-2, ජැක්සන් බර්ඩ් 9-1-29-2, පීටර් සිඩ්ල් 5.2-0-32-1, නේතන් ලයන් 2-0-16-1
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all