සෑම නත්තලක් ම අප ජීවත් වන සමාජය වෙත විශේෂ අවධානයක් යොමු කරන්නට අපට ඇරැයුම් කරන
බවත් එලෙසම අප අතර ජීවත්වන දරිද්‍රතාවයෙන් පෙළන ජනකොටස් වෙත විශේෂ අවධානයක් යොමු
කරන්නටත් නත්තල ඇරැයුම් කරන බවත් මෙවර නත්තල නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරන ශ්‍රී
ලංකා කතෝලික රදගුරු සමුළුව කියා සිටී.
රදගුරු සමුළුවේ සභාපති මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන් ගේ මහලේකම් හා
නෝබට් අන්ද්‍රාදි රදගුරු හිමිපාණන්ගේ අත්සනින් නිකුත් කර ඇති මේ නත්තල් පණිවුඩයෙන්
එලෙසම විවිධාකාර පැති තලයන් තුළ ජීවත්වන මනුෂ්‍ය වේදනාවට පත්වූවන් කෙරෙහි සංවේදී
වන්නට සිහි ගැන්වීමක් කරන බව ද සඳහන් කරයි.
කතෝලික රදගුරු සමුළුවේ නත්තල් දින පණිවුඩයේ මෙසේ ද සඳහන් වේ. මාංශගතවීමේ අභිරහස්මය
ක්‍රියාදාමය තුළ මිනිස් සනාතන ඉතිහාසයට දෙවියන් වහන්සේ ඇතුළු වීම, භාග්‍යවත්
කන්‍යමරිය වහන්සේගේ ශ්‍රී කුස තුළ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්ගේ උපත සිදුවීම නැවත
වරක් නත්තලේදී අපි සමරන්නෙමු.
ස්වර්ගීය සූරසේනා සමූහය හා සමඟ බැඳෙමින් දෙවි පියාණන්
වහන්සේට පිදෙන ප්‍රශංසාවෙන් හා තුති පැසසුමෙන් අපි ප්‍රමුදිත වන්නෙමු. “දෙවියන්
වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළ සේක් ද කීවොත්, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුව ද
ලොවට දෙවා වදාළ සේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනාම විනාශ නොවී සදාතන
ජීවිතය ලබන පිණිස ය. (ජුවාම් 3:16)
අප අතරට පැමිණීම තුළින් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ විපුල ලෙසින් පැහැදිලි කොට
පෙන්වා ලන්නේ ඔවුන් වහන්සේට ම පමණක් දිය හැකි ජීවිතය තුළින් අපත් ඒ ලත් දිවි මඟ
බෙදා ගැනීමේ දිවි මඟක් බවට පත් කර ගත යුතු බවයි.
ඔවුන් වහන්සේට අවැසි වනුයේ
උපරිමයෙන් අප ජීවිත අවබෝධාත්මක ලෙස මෙලෙස ගත කරමින් පසුව සදාකාලිකත්වය තුළ ඔවුන්
වහන්සේගේ දිව්‍යමය ජීවිතයේ කොටස් කරුවන් බවට අපව පත් කර ගැනීමයි.
එහෙයින් මේ
මාංශගතවීමේ අභිරහස සමරන විට ඔවුන් වහන්සේ පුදන ඒ ජීවිතය අත් විඳින්නට ජේසුස්
ක්‍රිස්තුන් වහන්සේ අපට ආරාධනාවක් ද කරන සේක. එනයින් අපගේ නත්තල් මංගලෝත්සවය සැමරීම
හුදෙක් ඔවුන් වහන්සේගේ ඓතිහාසික මිනිස් උපත පමණක් ම සිහි කැඳවීමක් නොවන අතර එය එලෙස
විය යුතු ද නොවේ.
මන්ද අප එකිනෙකාගේ පුද්ගලත්වයේ ජීවිත තුළ නැවත උපදින්නට ඔවුන්
වහන්සේ අභිප්‍රාය කරන බැවිනි.
0 comments:
Post a Comment