Photobucket

Wednesday, December 19, 2012

පේරාදෙණිය පශු වෛද්‍ය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස්‌ නිල සුනඛයා පැන ගිහිල්ලා

අම්පාර පොලිස්‌ කොට්‌ඨාසයේ මහඔය පොලිස්‌ ස්‌ථානයට අනුයුක්‌ත 69 පොලිස්‌ මාර්ග බාධකයේ අපරාධ පරීක්‍ෂණ කටයුතු සඳහා යොදවා සිටි ජියෝවන්නා නමැති "බෙල්ජියම් මැලනෝයි" වර්ගයේ පොලිස්‌ සුනඛයා පේරාදෙAණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 14 දින රෝහලින් පැන ගොස්‌ ඇති බැව් පේරාදෙණිය පොලිසිය පවසයි.

මෙම නිල සුනඛයා නොවැම්බර් 21 දින හදිසියේ රෝගාතුරවීම නිසා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදි ඉකුත් 14 දින සුනඛයාගේ රුධිර සාම්පලයක්‌ ලබා ගැනීමට යැමේදී අදාළ වෛද්‍යවරයා සපා කෑමට තැත්කර පැනගොස්‌ ඇති බව ද පොලිසිය පවසයි.

වයස අවුරුදු දෙකක්‌ වන මෙම සුනඛයා වර්ණයෙන් කලු සහ සුදු දුඹුරු මිශ්‍ර පාටින් යුත් මුහුණේ කට කලු බව ද දැක්‌වේ. වටිනාකමින් රුපියල් ලක්‍ෂ 7 ක්‌ පමණ වන මෙම නිල සුනඛයා විදේශ රටකින් ගෙන්වන ලද අතර, අපරාධ රැසක තොරතුරු අනාවරණය කරදි ඇති බව ද පොලිස්‌ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පොලිස්‌ නිල සුනඛයා පිළිබඳ යමෙකු තොරතුරු දන්නේ නම් හෝ යමෙකු රඳවාගෙන සිටී නම් ඒ පිළිබඳ නිවැරැදි තොරතුරක්‌ දන්නේ නම් පේරාදෙණිය පොලිසියේ අංක. 081 - 2388033, 081 2388222 ට හෝ 081 -22234374 මහනුවර පොලිස්‌ නිල සුනඛ අංශයට දන්වන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, සුනඛයා රඳවාගෙන සිටින අය පිළිබඳ කිසිදු නීතිමය පියවරක්‌ නොගන්නා බව ද පොලිසිය පවසයි.

පේරාදෙණිය පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිdස්‌ පරීක්‍ෂක ජාලිය හීංකෙන්ද මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක රාජනායක බණ්‌ඩාර, උප පොලිස්‌ පරීක්‍ෂක බී. එම්. නවරත්න යන නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all