Photobucket

Wednesday, December 19, 2012

පියාගේ ඇසිඩ් ප්‍රහාරයෙන් පුතා අසාධ්‍ය තත්ත්වයේ

ඇල්පිටිය තුන්දොලවත්ත ප්‍රදේශයේ පියකු තම පුතුට එල්ල කළ ඇසිsඩ් ප්‍රහාරයක්‌ හේතුවෙන් බරපතළ තුවාල ලැබූ එම පුත්‍රයා ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්aධියෙන් තුවාල ලබා ඇත්තේ ගඟබඩගේ ප්‍රදීප් හර්ෂ (32) නමැති විවාහකයෙකි.

මෙම තරුණයාගේ මව විදේශගතව ඇති අතර මව එවන මුදල් තමාට ලබාදෙන ලෙස ඔහු පියාට කරදර කර ඇතැයි පැවසේ.

මෙහිදී පියා විසින් පුතාට ඇසිsඩ් ප්‍රහාරයක්‌ එල්ල කර ඇති අතර මෙයින් බරපතළ තුවාල ලබා පුත්‍රයා ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇත.

පසුව ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ඇල්පිටිය මූලස්‌ථාන පොලිස්‌ පරීක්‌ෂක රොහාන් පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීමෙන් ඇල්පිටිය පොලිස්‌ අපරාධ විමර්ශන අංශාධිපති පො. ප. එල්. ඩී. එන් කාරුණාරත්න මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීකAෂණ පවත්වති.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all