Photobucket

Thursday, December 20, 2012

ගාලු කොටු පවුරේ පුද්ගලික ඉඩමකින් හමුවූ මිනිස්‌ ඇටසැකිලි ලන්දේසි යුගයට අයත්

ඓතිහාසික ගාලු කොටුපවුර තුළ පිහිටි පෞද්ගලික ඉඩමක කරුනු ලැබූ කැණීමකදී හමුවූ මිනිස්‌ ඇටසැකිලි මීට වසර හයසියයකට පමණ ඉහතදී ලන්දේසින් විසින් මිහිදන් කරනු ලැබූ සොහොන් ගැබ්වලින් මතුවී ඇති ඇටසැකිලි බැව් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අධ්‍යක්‍ෂ ආචාර්ය නිමල් පෙරේරා මහතා පැවසීය.


පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මීට සතියකට පමණ ඉහතදී ගාල්ල කොටුවේ පිහිටි පල්ලිය මාවතේ පිහිටි ඉඩමක කැණීම් ආරම්භ කරනු ලැබීය. එම කැණීම් පිළිබඳ නිරීක්‍ෂණය කිරීම සඳහා  (17 දා) පස්‌වරුවේ එම ස්‌ථානයට පැමිණි ආචාර්ය නිමල් පෙරේරා මහතා මේ පිළිබඳ තවදුරටත් අදහස්‌ දක්‌වමින් මෙසේ ද කීවේය.

ලන්දේසි යුගයේ ඔවුන්ගේ ආගමික චාරිත්‍රවලට අනුකූලව මළසිරුරු මිහිදන් කොට ඇති බවට සාධක තියෙනවා. ලන්දේසින්ට අයත් භාණ්‌ඩවල කොටස්‌ ද මතුවී තියෙනවා. මෙය ලන්දේසීන්ගේ සොහොන් බිමකි. එහි මිහිදන් කළ මළ සිරුරුවල ඇටසැකිලි තමයි හමුවෙලා තියෙන්නේ.
මේ පිළිබඳ තවදුරටත් පරීක්‍ෂණ කරනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 1998 පුරාවිද්‍යා ආඥ පනත යටතේ පුරාවිද්‍යා වටිනාකමින් යුත් භූමියක ඉදිකිරීමක්‌ සිදුකිරීමට ප්‍රථම පුරාවිද්‍යා කැණීම් කරනවා.
මෙම අවස්‌ථාවට ප්‍රකට වාස්‌තු විද්‍යාඥයකු වන ඈෂ්ලි ඩිවෝස්‌ මහතාද එක්‌ව සිටියේය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all