Photobucket

Thursday, December 20, 2012

අපි පන ගැහි ගැහී බයේ ඉන්නේ...ගීතා කියයි...

අපිට පුලුවන්ද නිදහසේ ගාල්ලේ බස් ස්ටෑන්ඩ් එක්ට වෙලා ඉන්න...?

අපිට පුලුවන්ද නිදහසේ චිත්‍රපටි හෝල් එකකට ගිහිල්ලා තනියම චිත්‍රපටියක් බලන්න..? 

දිවි පරදුවට තබා හෝ ගාල්ලේ කාන්තාවන්ගේ අභිමානය ඉදිරියට ගෙනියන්න ඇය දේශපාලනයට පැමිණියද අද කාන්තාවකට ඉන්න වෙන්නේ පන බයේ ගැහි ගැහීයි, යයි කියනවා. 

ගීතා කුමාරසිංහ විසින් කාන්තා නිදහස ගැන පසුගියදා කතා කර තිබුනු එම අදහස් පහතින්.

"යුද්ධයක් ඉවර වෙලා අපිට දැන් බොහොම නිදහසේ ජීවත්වීමේ අවශ්‍යතාවය තියනවා. හිතට එකඟව අපිට නිදහසක් තියනවද? අපේ කාන්තාවකට නිදහසක් තියනවද චිත්‍රපටි හෝල් එකකට ගිහිල්ලා තනියම චිත්‍රපටියක් බලන්න?

අපිට පුලුවන්ද නිදහසේ රත්තරන් මාලයක් දාගන හැන්දෑවේ 8 වෙනකොට 9 වෙනකොට ගාල්ලේ බස් ස්ටෑන්ඩ් එක්ට වෙලා හදිස්සියකට බස් එකක් ගන්න ඉන්න? නෑ... අපි පන ගැහි ගැහී ඉන්නේ....


මම කලා ලෝකයෙන් අයින් වෙලා දේශපාලනයට ආවේ ගාල්ලේ කාන්තාවන්ගේ අභිමානය දිවි පරදුවට තියලා හරි ඉදිරියට ගෙනියන්නයි."
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all