Photobucket

Thursday, December 20, 2012

ලෝක විනාශය පිළිබඳ විශ්වාස කරන්නෝ රැකවරණ ස්ථාන කරා රොක් වෙති

මායානු පුරෝකථනය අනුව ලෝක විනාශයක් ගැන දැඩිව විශ්වාස කරන්නන් එම දිනය එළඹෙන හෙට දවස සම්බන්ධයෙන් දැඩි බියෙන් යුතුව ආසන්නයේම පවතින රැකවරණස්ථාන කරා රොක් වෙමින් සිටින අතර ලෝක‍යේ බොහෝ කොටස්වල බහුතරයක් එවන් දිනයක් උදානොවන්නේයැයි සැලකෙන අයුරින් එදින ප්‍රීති සාදයෙන් ගත කරනු ඇතැයි පැවසී තිබේ.

මායාවරුන්ගේ දින දර්ශනයට අනුව වසර 5000 ක යුගාවසානය එළඹෙන හෙටදිනයේ බන්කර තනාගෙන දිවිරැකගන්නන්ගේ සිට ලෝකාවසාන වැඩසටහන් හා ගුප්ත ස්ථාන යන්හි කෙරෙන සංචාර දක්වා ලොවපුරා විශාල ව්‍යාපාර ක්‍රියාවලියක් පැතිර ඇති බව ද පෙනේ. 

මේනිසා ආදිතම මායාවරුන්ගේ නිජභූමිලෙස සැලකෙන මධ්‍යම අමෙරිකානු‍ රටවල ලෝකාවසාන දිනය සංචාරක ව්‍යාපාරය උත්තේජනය කරන්නක් ලෙස සැලකී තිබේ.

මේ අනුව ඉපැරණි මායා භූමි ප්‍රදේශවල හෙට දිනයේ චාරිත්‍රගත ක්‍රියාවලින් සම්මන්ත්‍රණ හා සංදර්ශන ආදිය පවත්වනු ඇතැයි පැවසී ඇති අතර ඒවාට එම ප්‍රදේශවල ආදිවාසින්ගෙන් දැඩි‍ විරෝධයක් පලව ඇත්තේ එමගින් ඔවුන්ගේ සංස්කෘතිය විනාශ කරන බව චෝදනා කරමිනි. කෙසේවෙතත්ලොවපුරා බොහෝ තන්හි අද රාත්‍රියේ බොහෝ පිරිස් රැකවරණස්ථාන වල හෝ ආගමික පර්ශ්‍රයන්හි ගතකරනු ඇතැයි සැලකි තිබේ. 


Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all