* නිලධාරීන් 7 කගේ වැඩ තහනම්
* 9 දෙනකුට චෝදනා පත්‍ර
* භාණ්‌ඩ රැසකට හානි කරලා
* 9 දෙනකුට චෝදනා පත්‍ර
* භාණ්‌ඩ රැසකට හානි කරලා
මාධ්‍ය
හමුවේදී බස්‌නාහිර පළාත් උතුර භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය
පොලිස්‌පති අනුර සේනානායක මහතා අදහස් දැක්‌වූ අයුරු.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී නවරත්න මහතාද මෙහි
සිටී. ඡායාරූපය - සුජාතා ජයරත්න
කොළඹ ජාතික කෞතුකාගාරයේ සොරකමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන ලංසගේ ප්‍රියන්ත මේදිස් නොහොත් කන්ගැට්‌ටා සමග සැකකරුවන් 08 දෙනකු අත්අඩංගුවට ගෙන සොරාගත් භාණ්‌ඩවලින් සියයට අනූවක්‌ද (90%) සොයාගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතා ඊයේ පැවසිය.
එමෙන්ම මෙම සොරකම සම්බන්ධයෙන් කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 07 තහනමට ලක්‌කර ඇති අතර තවත් 9 දෙනකුට චෝදනා පත්‍ර භාරදී තිබේ.
මෙම කරුණු හෙළිවූයේ ඊයේ (26 වැනිදා) පොලිස් මූලස්‌ථාන සම්මන්ත්‍රණ ශාලාවේ පැවති මාධ්‍ය හමුවකදීය.
කෞතුකාගාර සොරකම සම්බන්ධයෙන් පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතාගේ උපදෙස් මත පරීක්‌ෂණ පැවැත්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතා මෙහිදී කියා සිටියේ මෙම සොරකමට අත්අඩංගුවට පත් සැකකරුවන් අටදෙනාට අමතරව වෙනත් ප්‍රබල පාර්ශ්වයක් සිට නොමැති බවයි.
කන්ගැට්‌ටා නමැති මත්ද්‍රව්‍ය භාවිත කරන සැකකරු කෞතුකාගාරය ඉදිරිපිට නිවසක් ඉදිකිරීමේ කටයුතුවල නිරතව සිටියදී සැලසුම් කර 2012.03.16 වැනි දින සවස 4.00 ට පමණ කෞතුකාගාරයට ඇතුළු වී රාත්‍රියේ දී කෞතුක භාණ්‌ඩ සොරාගෙන පලාගොස් ඇති බව සොරකම සිදුවූ ස්‌ථානයේ තිබූ ඇඟිලි සටහන් හා සැසඳීමේදී තහවුරු වී ඇතැයිද සේනානායක මහතා කීය.
කෞතුකාගාර සොරකම සම්බන්ධයෙන් වැදගත් තොරතුරු හෙළිවූයේ මාළිගාවත්ත ප්‍රදේශයේ කප්පම් ගැනීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රසාද් නිරෝෂණ හෙවත් බිල්ඩර් ප්‍රසාද්" නමැත්තා සම්බන්ධයෙන් පරීක්‌ෂණ සිදු කරමින් සිටියදීය. ඔහුගේ නිවසේ තිබූ කෞතුක භාණ්‌ඩ වෙනත් ප්‍රදේශයකට ප්‍රවාහනය කරමින් සිටියදී පිළියන්දල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමෙන් පසුව මේ බව තහවුරු වූ බවද හෙතෙම අවධාරණය කළේය.
සොරකම සිදුවූ දින කෞතුකාගාරයේ සී.සී. ටීවී පද්ධතිය අක්‍රීයව පැවති බව සහ එදින සිටි ආරක්‍ෂකයන් තිදෙනා නිදාගෙන සිට ඇති බව හෙළිවූ බවද සේනානායක මහතා කීය.
සොරාගත් භාණ්‌ඩවලින් භාණ්‌ඩ රැසකටම අලාභහානි කර ඇතැයිද හෙතෙම වැඩිදුරටත් කීය.
කෞතුකාගාර අධිකාරී රංජිත් හේවගේ මහතා අදහස් දක්‌වමින් මේ වන විට කෞතුකාගාර සොරකම සම්බන්ධයෙන් නිලධාරීන් 07 දෙනකුගේ වැඩ තහනමට ලක්‌කර තවත් නිලධාරීන් 09 කට චෝදනා පත්‍ර භාරදී ඇති බව පැවසීය.
පොලිසිය මගින් සොයාගත් භාණ්‌ඩ කෞතුකාගාරයෙන් සොරාගත් භාණ්‌ඩ බව එහි සලකුණු සහ පෞරාණික බවින් හඳුනාගත් බව කී ඒ මහතා ඉදිරියේදී භාණ්‌ඩවල ආරක්‌ෂාව වෙනුවෙන් සයිරන් නලා පද්ධතියක් සවි කිරීමට කටයුතු කරන බවද කීය.
කෞතුකාගාරයේ සහකාර අධ්‍යක්‍ෂ සෙනරත් වික්‍රමසිංහ මහතා කියා සිටියේ භාණ්‌ඩ 221 ක් ප්‍රදර්ශන අල්මාරි හතරකින් සොරාගෙන ඇති බව හෙළිවී තිබූ බවයි. ඉන් භාණ්‌ඩ 73 ක් හමු වූ භාණ්‌ඩ අතර සම්පූර්ණ ලෙස තිබෙන බව කී ඒ මහතා භාණ්‌ඩ රැසකම නැවත ප්‍රතිසංස්‌කරණය කිරීමට නොහැකි ලෙස අලාභහානි කර ඇති බව හෙතෙම පැවසීය.
එම භාණ්‌ඩ අධිකරණය මගින් කෞතුකාගාරයට ලබාදුන් පසු ඒ අයුරින්ම ප්‍රදර්ශනය කිරීමට සිදු වනු ඇතැයිද ඒ මහතා කියා සිටියේය.
මෙම මාධ්‍ය හමුවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී නවරත්න මහතා සමග කොළඹ අපරාධ කොට්‌ඨාසය, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ ජාතික කෞතුකාගාරයෙහි නිලධාරීහු කිහිපදෙනෙක්‌ද සහභාගි වූහ.

0 comments:
Post a Comment