පාර්ලිමේන්තු
සැසිවාරය කල්දැමූ පමණින් අගවිනිසුරුවරියට එරෙහිව පවතින දෝෂාභියෝග
ක්‍රියාදාමය අහෝසි වන්නේ නැතැයි නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා
‘ලක්බිම’ට ඊයේ (25) ප්‍රකාශ කළේය.පාර්ලිමේන්තුව නැවත කැඳවූ විට එය යළි
බලාත්මක වන්නේ යැයිද ඒ මහතා පැවැසීය. පාර්ලිමේන්තුව හමුවේ තිබෙන කාරක සැසිවාරය කල්දැමූ පමණින් ඉවත් නොවන බවත් නැවත පාර්ලිමේන්තුව කැඳවූ පසු ඒ කාරණා ක්‍රියාත්මක වන බවත් නියෝජ්‍ය කථානායකවරයා පැවැසීය.
සැසිවාරය
කල්දැමීමකදී ඉවත් වන්නේ න්‍යායපත්‍රයට ඇතුළත් කිරීම උදෙසා ඉදිරිපත්කොට ඒ
අභිමුවෙහි ඇති කරුණු පමණක් බව පැවසූ නියෝජ්‍ය කථානායකවරයා සැසිවාරය කල්
දැමීමෙන් න්‍යාය පත්‍රයේ තිබෙන කරුණු ඉවත්වන්නේ නැතැයිද කීවේය.
දෝෂාභියෝගය පාර්ලිමේන්තුව
අභිමුවෙහි පැවැති කරුණක් බැවින් කල්දැමීමෙන් එය ඉවත් නොවන බවද චන්දිම
වීරක්කොඩි මහතා පෙන්වා දුන්නේය. සැසිවාරය කල් දැමුවාය කියා මෙය බලරහිත වීමට
හෝ ඉවත්වීමට නීත්‍යනුකූලව ඉඩක් නැතැයිද ඔහු පැවැසීය.
පාර්ලිමේන්තු සැසිවාරය කල්දැමීම පිළිබඳව අප කළ විමසීමකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය කථානායකවරයා මේ බව ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු සැසිවාරය කල්දැමීම ගැන තමා දන්නා පරිදි මතෛක් තීරණයක් ගෙන නැතැයිද හෙතෙම කීවේය.
0 comments:
Post a Comment