- ජ්‍යෙෂ්ඨ ඇමැති ඩිව්
එක
පැත්තකින් පොල් ගහනවා. තව පැත්තකින් පොල් ගහනවා. එක පැත්තකින් පෙළපාළි
යනවා. තර්කානුකූලව මේක අවසන් වන්නේ රට අරාජික වෙලා” යැයි මානව සම්පත්
පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව්.ගුණසේකර මහතා පැවැසීය. පාර්ලිමේන්තු වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පාර්ලිමේන්තුවේදී ඊයේ (04) සඳහන් කළේය.
ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා මෙසේද කීය. ඔබතුමා තේරීම් කාරක සභාව පත් කළා. වෙනදා අවසන් වාර්තාව ඉදිරිපත් කරන තුරු කිසිවෙකුත් කතා කළේ නැහැ. දැන් විපක්ෂය එක් ප්‍රකාශයක් කරන විට ආණ්ඩු පක්ෂය ඊට ප්‍රතික්‍රියා කරනවා. ජනමාධ්‍ය ඒවා පළ කරනවා. ඔවුන්ට ඒකට වැරද්දක් කියන්න බැහැ. ඔබතුමා මේ සම්බන්ධව සොයා බලන්න. මේ නිසා අවසානයේ සිදුවන්නේ පාර්ලිමේන්තුවත් අධිකරණයත් ගැන ජනතාවගේ විශ්වාසයක් නැති වෙන එක යැයි ද අමාත්‍ය ඩි.ව්.ගුණසේකර මහතා පැවැසීය.
ලසන්ත වීරකුලසූරිය / රමේෂ් වරල්ලෙගම
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment