ගෝල්ඩන් කී තැන්පත් කරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර විභාග වන නඩුව වාචික දේශන සඳහා පෙබරවාරි 18 දිනට කල්තැබිමට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඊයේ (04) නියෝග කළේය. නිමල් ගාමිණී අමරතුංග, කේ.ශ්‍රීපවන්, සත්‍යා හෙට්ටිගේ යන විනිසුරුවන් අභිමුවේ නඩුව කැඳවන ලදී. ගෝල්ඩන් කී තැන්පත්කරුවන් පිරිසක් විසින් මෙම නඩුව ගොනුකර ඇත්තේ මහ බැංකු මුදල් මණ්ඩලයට හා ගෝල්ඩන් කී කේරඩිට් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය වග උත්තරකරුවන් කරමිනි.
ගෝල්ඩන්
කී සමාගමේ බිලියන 26ක මුදලක් සම්බන්ධයෙන් මූල්‍ය වංචාවක් සිදුවී ඇති බව
මාධ්‍ය මගින් අනාවරණය වීමෙන් අනතුරුව තමන් තම මුදල් ආපසු ඉල්ලා සිටි මුත්
නොලැබුණු බව පෙත්සම්කරුවෝ පෙත්සමේ සඳහන් කර ඇත.
ගෝල්ඩන් කී කේරඩිට් කාඩ් අධ්‍යක්ෂ
මණ්ඩලය හා මහ බැංකු මුදල් මණ්ඩලය තම ව්‍යවස්ථාපිත යුතුකම් පැහැර හැර තියෙන
බවත් පෙත්සමේ සඳහන්ය. එහි වත්කම් ඉවත්කර ගැනීම වළකාලමින් අතුරු නියෝගයක්
හා තැන්පත්කරුවන්ගේ තැන්පත් ආපසු ලබාදෙන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසද
පෙත්සමෙන් ඉල්ලා ඇත.
නිශානී ලසිතා හේරත් බන්නැහැක
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment