තමාට එරෙහි දෝෂාභියෝගය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කර ඇති විශේෂ තේරීම්
කාරක සභාව හමුවේ ඊයේ (4) පෙනී සිටිමින් අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක
මහත්මිය ලිඛිතව හා වාචිකව ලබා දුන් පිළිතුරු ඉදිරි කාලයේ රටේ දැඩි
සාකච්ඡාවට ලක්වෙනු ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග මගින් ‘දිනමිණ’ට
වාර්තා වේ.
තේරීම් කාරක සභාව නැඟූ ප්‍රශ්න හමුවේ ඇය මෙතෙක් හෙළි නොකළ කරුණු රැසක්
හෙළිකර ඇති බවටද ‘දිනමිණ’ ට වාර්තා වේ.
සාමාජිකයන් 11 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ
සභාපති ධුරය අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් හෙබවූ අතර සාමාජිකයන්
හත්දෙනෙකු රජයේ පාර්ශ්වයෙන්ද සිව් දෙනෙකු විරුද්ධ පක්ෂයෙන් ද නියෝජනය කළහ.
විශේෂයෙන්ම අගවිනිසුරුවරිය දෝෂාභියෝග යෝජනාවට ලක් කිරීමට පාදක වූ
මූල්‍යමය ගනුදෙනු සම්බන්ධ කරුණුවලට අමතරව මෙතෙක් අප්‍රකාශිත, අප්‍රකට
කරුණු රැසක් ද කමිටුව හමුවේ හෙළිදරව් කිරීමට අගවිනිසුරුවරියට සිදුවූ බවද
ආරංචි මාර්ග පවසයි.
විශේෂයෙන්ම මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ උත්තරීතර බව ආරක්ෂා කිරීමට මෙන්ම
නෛතික රාමුවේ විනිවිදභාවය උදෙසාත් පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ
කාර්යභාරය අභියෝගයට ලක්කිරීමට කිසිදු පාර්ශ්වයකට ඉදිරි කාලය තුළ
ඉඩප්‍රස්තා නොලැබෙන තරම් සාර්ථක ලෙස එහි ප්‍රගතිය පිළිබඳ සෑහීමකට පත්විය හැකි
බව විස්තර ප්‍රකාශකයෙකු වැඩිදුරටත් ‘දිනමිණ’ට පැවැසීය.
අගවිනිසුරුවරිය ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයෙන් පිටත් වන අවස්ථාවේදී
එතුමියට සහාය පළ කිරීමට පැමිණ සිටි රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක ප්‍රධානීන්
දක්නට ලැබුණු අතර එම කුඩා කණ්ඩායමට එරෙහිව විශාල ජනතාවක් ඉදිරිපස මහා
මාර්ගයේ උද්ඝෝෂණයක නියුතුව සිටියහ.
ව්‍යවස්ථාදායකය ජනතාවගේ බලය වන
හෙයින් අධිකරණය එය ඉක්මවා මෙහෙයවීමට විරුද්ධව මේ ජනතා උද්ඝෝෂණය
පැවැත්විණ.
උද්ඝෝෂණකරුවන්ට රහසින් අධිකරණ සංකීර්ණයේ පසුපස දොරින්
අගවිනිසුරුවරිය පිටත්ව ගිය බැව් ද වාර්තාවේ.
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment