68 දෙනෙක් මුදා හැරෙති
රුපියල් ලක්‍ෂ තුන බැගින් මුදල් ගෙවා ආගමන - විගමන නීති උල්ලංඝනය කරමින් නීති
විරෝධී ලෙස ධීවර යාත්‍රා මගින් ඔස්‌ටේ්‍රලියාව බලා ගොස් ඔස්‌ටේ්‍රලියානු බලධාරීන්
විසින් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කර එම සැකකරුවන් 75 දෙනාගෙන් 68
දෙනකුට රුපියල් ලක්‍ෂ පහ (5) බැගින් ශරීර ඇප නියම කළ මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත්
ඒ. එම්. එන්. පී. අමරසිංහ මහතා එම ජාවාරම මෙහෙයවූ අනිකුත් සැකකරුවන් හත්දෙනාට (7)
ඇප ලබාදීම ප්‍රතික්‍ෂේප කර ඔවුන් දෙසැම්බර් මස 6 වැනිදා දක්‌වා රිමාන්ඩ් භාරයට
පැමිණවීමට නියෝග කළේය.
ඔස්‌ටේ්‍රලියාවෙන් පිටුවහල් වී පැමිණි සැකකරුවන් තිස්‌සමහාරාමය, කඹුරුගමුව, මිරිස්‌ස, දික්‌වැල්ල. දෙවුන්දර ආදී ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. මෙම සැකකරුවන් ඔස්‌ටේ්‍රලියාවේ ක්‍රිස්‌මස් දූපතට ළඟා වූ අවස්‌ථාවේදී ඔවුන් ඔස්‌ටේ්‍රලියානු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කර එවා තිබිණි. කටුනායක ගුවන් තොටුපළේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබිණි. විත්තිය වෙනුවෙන් නීතිඥ ගොඩ්ප්‍රි කුරේ, සුරාඡ් ජයමාන්න, චරිත ඩී. ජයනාථ, ඉන්දික අබේසිංහ, නාලක ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිටියහ.

මීගමුව සමූහ - විමල් කීර්ති
දිවයින ඇසුරින් පලකරන ලදී.
දිවයින ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment