නව දිල්ලි නුවර බස්රථයක දී අමානුෂික අතවරයකට ලක්වීමෙන් අනතුරුව
සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය ඉන්දීය වෛද්‍ය ශිෂ්‍යාවගේ
අවසන් කටයුතු නවදිල්ලි නුවර දී ඊයේ (30) සිදු කෙරිණි.
අතවරයට ලක්වීමෙන් අනතුරුව ඉන්දීය වෛද්‍ය ශිෂ්‍යාව වැඩිදුර ප්‍රතිකාර සඳහා
සිංගප්පූරුවේ රෝහලක් වෙත රැගෙන ගිය අතර එහිදී ඇය මිය ගියාය.
අනතුරුව සිංගප්පූරුවේ විශේෂ ගුවන් යානයකින් ඉන්දියාවේ නව දිල්ලි නුවර
ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපළ වෙත රැගෙන ආ අතර එහිදී ඉන්දීය අගමැති ආචාර්ය මන්
මෝහන් සිං සහ ඉන්දීය කොංග්රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි විසින් දේහය පිළිගනු
ලැබූ බව වාර්තා වෙයි. මියගිය වෛද්‍ය ශිෂ්‍යාවගේ දේහය නිවෙස වෙත රැගෙන යාමෙන්
අනතුරුව ආගමික වතාවත් ඉටුකර ඇති අතර එයින් පසුව දේහය පිළිබඳ අවසන් කටයුතු
නවදිල්ලි නුවරදී සිදු කෙරී තිබේ. ලිංගික අපරාධයකට ලක් වූවන්ගේ තොරතුරු හෙළි
නොකිරීමේ ප්‍රතිපත්තිය මත මෙම වෛද්‍ය ශිෂ්‍යාවගේ හෝ ඇයගේ පවුලේ තොරතුරු හෙළි
කර නොමැති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
0 comments:
Post a Comment