Photobucket

Monday, December 31, 2012

බිලියනයක් වංචා කළ සක්විති හිරේ බිලියන 26ක් වංචා කළ ගෝල්ඩන් කී ලොක්කෝ නිදහසේ

නීතිය කාටත්  එක සමාන නැද්ද?

අගතියටපත් තැන්පත්කරුවෝ පවසති

බිලියන එකක මුදලක් වංචා කළ සක්විති රණසිංහ අද සිරදඬුවම් විඳින නමුදු බිලියන 26කට අධික දැවැන්ත මුදලක් වංචා කළ ලලිත් කොතලාවල ප්‍රමුඛ ගෝල්ඩන් කී අධ්‍යක්‍ෂ මණ්ඩලය නිදහසේ සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන්නේ කුමන නීතියක් යටතේ සමාව ලැබීමෙන් දැයි අගතියටපත් ගෝල්ඩන් කී තැන්පත්කරුවෝ ප්‍රශ්න කරති.

මෙම තත්ත්වය තුළ ගෝල්ඩන් කී වංචාව සොයාබැලීම සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් පත්කරන ලෙස ද අගතියටපත් තැන්පත්කරුවෝ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටිති.

තුන්මසක් ඇතුළත මෙම විමර්ශන කටයුතු අවසන් කිරීමටත්, එමඟින් සෙලින්කෝ සමූහයට අයත් ආයතන හා වත්කම් රජයට පවරා ගන්නා ලෙසත් ඔවුහු විශේෂ කොමිෂන් සභාව හරහා බලාපොරොත්තු වෙති.

දැනටමත් මේ සම්බන්ධයෙන් ජනාධිපති නීති අංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර, ඉදිරි දින කීපයේ ලිඛිත ඉල්ලීමක් මඟින් ජනාධිපතිතුමා හමුවීමට එම සංගමය බලාපොරොත්තුවෙන් සිටී.

සෙලින්කෝ සමූහ ව්‍යාපාරය හරහා තැන්පත්කරුවන්ගේ රුපියල් බිලියන 26 1/2ක මුදලක් විසිරී ගොස් අති බවට තොරතුරු හෙළිවී ඇති බවත්, මෙය තනි පුද්ගලයකුට වියදම් කළ නොහැකි අතිවිශාල මුදලක් බවත් එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.

එබැවින් මේසා විශාල මුදලක් තැන්පත්කර හෝ විදේශ රටකට යවා හෝ ඇතැයි විශ්වාස කරන බවද ඔවුහු සඳහන් කරති.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all