කළුබෝවිල ශික්ෂණ රෝහලේදී රෝගියෙකුට ප්‍රතිජීවක එන්නතක් ලබාදීමට සූදානම්
වෙද්දී එම එන්නත් කුප්පියේ තිබී වීදුරු කැබැල්ලක් හමුවී තිබේ.
මේ සිදුවීම ඉකුත් 28 දින සිදුවී තිබේ. ඒ අවස්ථාවේ සිටි වෛද්‍යවරු හා හෙදියන්
රෝහල් අධ්‍යක්‍ෂකවරයාට මේ පිළිබඳ පැමිණිලි කර තිබේ.
මේ සම්බන්ධයෙන් දිනමිණ වෙත අදහස් දැක්වූ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ
සභාපති සමන් රත්නපි‍්‍රය මහතා මේ සිද්ධියෙන් අනතුරුව ඒ වර්ගයේ එන්නත් සියල්ල
ඖෂධ ගබඩාවෙන් ඉවත් කිරීමට රෝහල් අධ්‍යක්‍ෂක කටයුතු කර ඇතැයි පැවසීය.
කළුබෝවිල රෝහලේ වාට්ටු අංක - 06 හි තිබී මෙම එන්නත හමුවී තිබෙන අතර (CLOXACILLIN)
JA - 6125018.MFC - 09 - එහි ලේබලයේ මෙම විස්තර සඳහන්ව තිබේ. මෙය කල් ඉකුත්වන
දිනය ලෙස 2014 අගෝස්තු මස ලෙසද ලේබලයේ සඳහන් වේ. මෙම එන්නතේ මිල රුපියල්
හතළිහකි.
0 comments:
Post a Comment