Photobucket

Monday, December 31, 2012

නිව්ස්වීක් සඟරාව සිය අවසාන මුද්‍රණයේ කවරය එළිදක්වයි

ඇමරිකානු කාලීන තොරතුරු වසර අසූවක් පුරා පාඨකයන්ට ගෙන එන ලද නිව්ස්වීක් සඟරාවේ අවසන් මුද්‍රණයේ කවරය පසුගියදා ප්‍රකාශයට පත් විණි. මෑන්හැට්න්හි පිහිටි නිව්ස්වීක් සඟරා මූලස්ථානයේ කළු සුදු ඡායාරූපයක් ඉන් නිරූපණය කෙරෙන අතර ඊට පහළින් අවසන් මුද්‍රිත ප්‍රකාශනය ලෙසද සටහන් කෙරී ඇත.

පාඨකයන් අන්තර්ජාල භාවිතයට නැඹුරු වීමත් සමග ප්‍රචාරණ වියදම් පහළ යෑම හේතුවෙන් මුද්‍රණ විකාශන අත්හිටුවීමට සඟරා කාර්ය මණ්ඩලය තීරණය කොට ඇති අතර ඒ අනුව ලබන වසරේ සිට නිව්ස්වීක් සඟරාව ඩිජිටල් මාධ්‍ය ප්‍රකාශනයකට  පමණක්  සීමා වනු ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all