ශ්‍රී
ලංකා ක්‍රිකට් කණ්‌ඩායමේ මීළඟ නායකත්වයේ වගකීම තමන් වෙත
පවරන්නේ නම් එය භාරගැනීමට සූදානම් යෑයි වත්මන් උපනායක ඇන්ජලෝ
මැතිව්ස් පවසා තිබේ.
ඔස්‌ටේ්‍රලියානු තරග සංචාරයේ දෙවැනි ටෙස්‌ට් ක්‍රිකට් තරගය
සඳහා පුහුණුවීම්වල යෙදෙමින් සිටින අතරතුරු එරට මාධ්‍යයක්
විසින් නැගූ පැනයකට පිළිතුරු වශයෙන් ඔහු ඒ බව ප්‍රකාශ කර ඇත.
මෙම තරග සංචාරයෙන් අනතුරුව නායකත්වයෙන් සමුගන්නා බවට මහෙල් ජයවර්ධන ප්‍රකාශ කිරීමත් සමග මීළඟ නායකත්වය 25හැවිරිදි ඇන්ජලෝ මැතිව්ස් වෙත පැවරීමේ වැඩි සම්භාවිතාවක් පවතින අතර
ඔවුන් මට නායකත්වය පැවරුවහොත් මට එය භාරගන්න සිදුවෙනවා. මම ඒ සඳහා හොඳින් සූදානම් යෑයි මැතිව්ස් විසින් ප්‍රකාශ කළ බව ඔස්‌ටේ්‍රලියානු මාධ්‍ය වාර්තා කර තිබුණි.
මහේල නායකයකු විදිහට ඉතා අනගි සේවයක් කර තිබෙනවා. ඇත්තෙන්ම ඔහු කරපු විදිහටම මේ කාර්යය කරගෙන යන එක ලෙහෙසි වැඩක් නෙමෙයි. ඒක ලොකු අභියෝගයක් වෙයි. ඒත් අපි බලමු මොකද වෙන්නේ කියලා යෑයි මැතිව්ස් වැඩිදුරටත් පවසා තිබුණි.
තමන් ක්‍රීඩාකළ අවසන් ටෙස්‌ට් තරග තුනේදී ලකුණු 79, 84 සහ 75 බැගින් ලබාගනිමින් ලකුණු අතර රැඳී සිටින මැතිව්ස් මේ දක්‌වා ටෙස්‌ට් අර්ධ ශතක 11ක් ලබා සිටියද ඔහු විසින් ටෙස්‌ට් ශතකයක් ලබා ඇත්තේ එක් වරක් පමණි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් එක්‌දින තරගයකට සහ පන්දුවාර විස්‌සයි-20 තරග දෙකකට මැතිව්ස් නායකත්වය ලබාදී තිබෙන නමුත් එහිදී එකම තරගයකදී හෝ ශ්‍රී ලංකාවට ජයක් ලබාදීමට හෙතෙම අපොහොසත් වීම විශේෂත්යකි. මැතිව්ස් නායකත්වය ලබාදී ඇති එකම එක්‌දින තරගය ඉකුත්දා ඉන්දියාව සමග පල්ලකැලේ පැවැති තරගයක් වන අතර එහිදී ලකුණු 20 කින් ශ්‍රී ලංකාව පරාජයට පත්වී තිබෙන අතර විස්‌සයි-20 එක් තරගයක් වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරවද (නවසීලන්තය සමග පල්ලකැලේදී පැවැති තරගය) පාකිස්‌තානය සමග තරගය පරාජයටද පත්වී තිබේ.

0 comments:
Post a Comment