Photobucket

Wednesday, December 5, 2012

කඩ කැඩුවොත් ගිණි තබා ගන්නවා - වෙළෙන්දන්

මිහින්තලය නගරයේ ඉදිකර තිබෙන අනවසර වෙළදසැල් ඉවත් කිරීමට මිහින්තලය ප්‍රාදේශීය සභාව තීරනය කොට තිබෙන අතර ඒ සදහා ලිඛිතව දැනුම් දීමක්ද සිදුකොට තිබේ. කෙසේ වෙතත් එලෙස වෙළදසැල් ඉවත් කරන්නේනම් තමන් සිරුරට ගිණි තබා ගන්නා බවට වෙළෙදසැල් හිමියන් දෙදෙනෙකු පවසයි. 

 දේශපාලන පළිගැනීමක් ලෙස මේ පෙට්ටිකඩ ඉවත් කරන බවට පවසන ඔවුන් ප්‍රාදේශීය සභාව අලුතින් ඉදිකරන කඩ සිය හිතවතුන්ට ලබා දී තිබෙන බවද පවසයි. ලබන 10 දින නගරයේ සියලුම ව්‍යාපාරිකයින් සිය කඩ සාප්පු වසා දමා කලු කොඩි ඔසවා විරෝධයක් පවත්වන්නට සූදානම් බව සැලයි. මේ පිළිබදව මිහින්තලය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලලිත් එදිරිසිංහ මහතා පවසන්නේ අසරණ වෙළෙන්දන්ට ජීවත් වීමට මගක් සම්පාදනය කරදෙන ලෙසය. කෙසේ වෙතත් මිහින්තලය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළේ මෙය තමන්ගේ පුද්ගලික තීරණයක් නොවන බවත් ලංකාවේ සියලු අනවසර ඉදිකිරීම් මේ වනවිට ඉවත් කරන බවත්ය. මෙය දේශපාලන පළිගැනීමක් නොවන බව කී හේ නව වෙළද සංකීර්ණයේ සියලුදෙනාටම ලබා දෙන්නට තරම් වෙළදසැල් නොමැති බව කීය. අනවසර වෙළදසැල් කඩා දැමීම අනිවාර්යෙන්ම කරන බවද සභාපතිවරයා පැවසීය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all