හමාස් සන්නද්ධ ව්‍යාපාරයේ විසිපස්වැනි සංවත්සරයට සහභාගී
වීමට පැමිණි, රටින් පිටව සිටි එහි නායක කාලිඩ් මෙෂාල්ට අති විශාල
පිළිගැනීමක් ලැබී තිබේ.
ගාෂා තීරයේ පැවැත්වුන සංවත්සර රැලියකට සහභාගී වීමට
පැමිණි හමාස් නායකයා ධජ පතාක රැගත් දශදහස් සංඛ්‍යාත පලස්තීන ජාතිකයන්
විසින් උණුසුම් ආකාරයට පිළිගනු ලැබුන බවයි වාර්තා වන්නේ.
හමාස් ව්‍යාපාරය විසින් පසුගියදා ඊශ්‍රායලයට එල්ල
කරන ලද රොකට්ටුවක ආකෘතියක්ද එක්කොට ඉදිකර තිබුන වේදිකාවක සිට ගාෂා තීරයේ
අගමැති, ඉස්මයිල් හනියේ ඇතුළු කථිකයන් කීපදෙනකුට පසුව කාලිඩ් මෙෂාල් මහජන
රැලිය අමතා කතා කළේය.
අවුරුදු හතළිහකට ආසන්න කාලයක් පලස්තීනයෙන් බැහැරව සිටි කාලිඩ් මෙෂාල් ඊයේ සිකුරාදා යළි සිය භූමියට ලඟා විය.
0 comments:
Post a Comment