කොටින්ව සැමරීමට ඉඩදිය යුතු යෑයි මනෝ ගනේෂන් කියයි
ටයි කෝට් ඇඳ වෙස්‌ගත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරිකයා අලුත්කඩේ සැරිසරයි
බින් ලාඩන් සැමරීම තහනම්. ප්‍රභාකරන්ව සැමරීමට ඉඩදිය යුතුයි
හමුදාවට එරෙහි බොරු සාක්‌කි කී කපිතන්
බන්ධනගේ
හෝටලයේ බිල පවා නොගෙවා අතුරුදන්
යාපනයේදී ජැෆ්නා ස්‌ප්‍රින් මෙහෙයුම ආරම්භ වේ,
යාපනය විශ්වවිද්‍යාලය කොටි ගුහාවක්
බෑන් කී මූන්ගෙන් ශ්‍රී ලංකාවට එරෙහි තවත් මණ්‌ඩලයක්
ශ්‍රී ලංකා හමුදාව තමිල් ඊළමෙන් පිටව යනු - අපේ වීරයන් (කොටි මිනීමරුවන්) අපි සමරන්නෙමු. ස්‌වයංපාලනය හා ඊළාම් රාජ්‍යය අවශ්‍යයි - ලන්ඩනයේ විශ්වවිද්‍යාලවල සිටින කොටි සිසුන් පසුගිය අඟහරුවාදා දහවල් යාපනයේ මධ්‍යම බස් නැවතුම්පළ ඉදිරියට පැමිණ ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ නායක ගෙ-න්ද්‍ර කුමාර් පොන්නම්බලම්, කෙ-න්ද්‍රන්, ද්‍රවිඩ සන්ධානයේ මාවයි සේනාධිරාජා, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, සරවනබවන් සහ ශ්‍රීධරන් මෙන්ම කොළඹ සිට පැමිණි සුළු වාමාංශික පක්‍ෂවල නියෝජිතයන් ද හමුදාවට එරෙහිව මහත් ඝෝෂාවක් කළහ. මොවුන් බෙරිහන් දුන්නේ යාපනය විශ්වවිද්‍යාලයේදී කොටි මිනීමරුවන්ව සැමරීමට සැලසුම් කළ සිසුන් සිව් දෙනකු ආරක්‍ෂක බලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීම නිසාය.

මේ විරෝධතාවය මෙහෙය වූයේ කොළඹ නගර සභාවේ මන්ත්‍රීවරයකු වන
බාස්‌කරන්ය. හමුදාවට එරෙහිව මෙගාෙµdaනයක් මගින් ගිරිය
පුප්පාගෙන කෑගැසුවේ කෙ-න්ද්‍රන්ය. මේ කෙ-න්ද්‍රන් වරක් ශ්‍රී
ලංකා පාර්ලිමේන්තුවේදී සෙබළුන් 10000 ක් පෙට්‌ටිවලින් කොළඹට
එවන බවට තර්ජනය කළ අයෙකි.
විරෝධතාවට සහභාගි වූවන් අතර කොටි බුද්ධි නායක පොට්‌ටුඅම්මාන්ගේ සමීපතම සගයකු ද විය. ඔහු පොට්‌ටුඅම්මාන් නමැති ඝාතකයා සමග සිටින ඡායාරූප ද අප සතුව පවතී. විශ්වවිද්‍යාල සිසුන්ට කොටි සමරුව පැවැත්වීම සඳහා හමුදාව ඉඩ නුදුන්නේ ත්‍රස්‌තමර්දන පනත සටතේයි.
එහෙත් යාපනය බස් නැවතුම්පළ ඉදිරියේ ඝෝෂා කළ පිරිස ඊළාම් රාජ්‍යය ඕනෑ, ඊළාම් දේශය පිළිගනු යෑයි කියා සිටියහ. එදිනම රාත්‍රියේ ලන්ඩන් නුවරදී බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලවල සිටින කොටි සිසුන් ද විරෝධතාවයක් පවත්වමින් කෑගැසුවේ ස්‌වයංපාලනය හා ඊළම අවශ්‍ය යෑයි දක්‌වමිනි. මේ නිසා යාපනයේ දියත් වී ඇති කොටි ක්‍රියාව එකම සැලසුමක් බව සනාථ විය. යාපනයේ විරෝධතාවයේදී කොටි ධජය පිළිබිඹු නොවූවත් ලන්ඩනයේදී කොටි ධජ ප්‍රදර්ශනය විය. මෙහිදී ලන්ඩන් නුවර ද්‍රවිඩ තරුණ සංවිධානයේ කුෂියන් නන්දකුමාර් නමැති කොටි සිසුවා වහසි බස් දෙඩීය. අත්අඩංගුවට ගැනීම්වලින් අපේ සටන නතර කරන්න බැහැ යෑයි මුර ගෑවේය.
යාපනයේත්, ලන්ඩන් නුවරදීත් මේ කොටි හිතවාදීහු ඉල්ලා සිටින්නේ කොටි මිනීමරු කණ්‌ඩායම සැමරීමට ඉඩදිය යුතු බවයි.
ඒ අනුව පිටකොටුව, දෙහිවල, මරදාන, මෝදර හා වෙනත් ස්‌ථානවලදී බෝම්බ පුපුරුවා සිවිල් ජනතාව මැරූ කළු කොටි බෝම්බකරුවන් ද සැමරීම සඳහා ගඡේaaද්‍රකුමාර්ලාගේ සිට මාවයි සේනාධිරාජලා දක්‌වා ඉඩදිය යුතුද?
මේ අන්දමට ඇමරිකාව හා බටහිර රටවල් අල් ඛයිඩා නායක බිල් ලාඩන්ව සැමරීමට ඉඩ දෙන්නේද? මේ සමගම සුරේශ් ප්‍රේමචන්ද්‍රන් නමැත්තා විදේශ මාධ්‍ය අමතමින් 2009 වසරෙන් පසු විශාල පිරිසක් එක්‌වූ මුල් අවස්‌ථාව මෙය යෑයි කියා සිටියේය. මෙම පසුබිම මැද උතුරේ කොටි ඉදිරි කාලය තුළ දියත් කර ඇති රහස් සැලසුම නම් කර ඇත්තේ අරාබි වසන්තය මෙන් ජැෆ්නා ස්‌ප්‍රින් හෙවත් යාපනය වසන්තයයි. ඒ සඳහා අරමුදල් සපයන්නේ ලන්ඩනයේ කොටි ඩයස්‌පෝරාවයි. මෙහිදී යාපනය විශ්වවිද්‍යාලය ඊළම සඳහා කැපවී ඇති ස්‌ථානයක් යෑයි කොටි හිතවාදීන් විසින් ප්‍රකාශ කර ඇත. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වෙත යවනු ලැබූ ලිපියක මෙලෙස සඳහන් විය. "ද්‍රවිඩයන්ගේ අරගලවල කේන්ද්‍රස්‌ථානය යාපනය විශ්වවිද්‍යාලයයි."
මෙලෙස ප්‍රභාකරන්ට උදව් වූ කොටි යාපනයේ සැඟවී සිටිමින් සිසුන්ව මෙහෙය වන අවස්‌ථාවේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් වැල්ලවත්තේ 57 වැනි පටුමග තමිල් සංගම් මාවත යනුවෙන් නම් කිරීමට දැරූ උත්සාහය රජය ව්‍යාර්ථ කළේය. ඔහු ඒ සඳහා යොදාගෙන තිබුණේ ප්‍රභාකරන්ගේ උපන් දිනය වූ නොවැම්බර් 25 දායි. මේ තත්ත්වය මැද හිටි හැටියේ මතුවූ ද්‍රවිඩ දේශපාලකයන්ගේ අබිරහස් ක්‍රියාදාමයන් තවදුරටත් දියත් වී ඇතැයි සනාථ විය. මේ අතර 2009 නොවැම්බර් මස කැනඩාවේ පැවැති ලෝක වූෂු ශූරතාවලියේ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළ කපිතන් ඩබ්ලිව්. බී. ආර්. ප්‍රියශාන්ත නොහොත් රවීන්ද්‍ර වතුදුර බන්ධනගේ නමැති හමුදා නිලධාරියා හිටි හැටියේම අතුරුදන් විය. ඔහු නතර වී සිටි හෝටලයේ බිල් පවා නොගෙවා තිබූ බව හෙළි විය.
මේ නිසා වූෂු කණ්‌ඩායමේ ඉතිරි පිරිස කොළඹට පැමිණ රහස් පොලිසියට හා කැනඩා මහ කොමසාරිස් කාර්යාලයට පැමිණිලි කළහ. එහෙත් කැනඩා බලධාරීහු මේ හමුදා නිලධාරියාට සිදුවූයේ කුමක්‌දැයි මෙරට රජයට හෙළි කළේ නැත.
එසේ වුවත් වසර තුනකට පසු බන්ධනගේ නමැත්තා කැනඩාවෙන්ම මතු විය. ඔහු කැනඩා සංක්‍රමණික මණ්‌ඩලය වෙත කරුණු දක්‌වමින් රජයේ හමුදා ද්‍රවිඩයන්ට වධහිංසා පැමිණ වූ අන්දම ගැන තමා දන්නා බව කියා සිටියේය.
ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරයකු වන සිවාජිලිංගම්ගේ නිවසේ බෝම්බයක් තබන්නැයි කර්නල්වරයකු මට නියෝග කළා. යුද හමුදාව විසින් ද්‍රවිඩයන්ට වධහිංසා පැමිණවීම්, පහරදීම් හා අතවර කළ බව මා දන්නවා. මං එය පිළිගන්නවා. ඒ වගේම මම ශ්‍රී ලංකාවේ පුවත්පතකට රහසිගත තොරතුරු යෑපයුවා. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලකයකු ගැන මා පොලිසියට දැන්වූ නිසා මම ආපසු ශ්‍රී ලංකාවට ගියොත් මගේ ජීවිතයට තර්ජනයක් එල්ලවීමට ඉඩ තිබෙනවා යෑයි බන්ධනගේ නමැත්තා කියා සිටියේය. ශ්‍රී ලංකාවේ සිට සැතපුම් 15000 ත් ඈතින් පිහිටි කැනඩාවට පැන ගොස් ශ්‍රී ලංකාවට එරෙහිව එවන් ෙද්‍රdaහි ප්‍රකාශයක් කළ කපිතන් බන්ධනගේ කළ ප්‍රකාශය කැනඩා සංක්‍රමණික මණ්‌ඩලය විශ්වාස කළේ නැත.
තමා ත්‍රස්‌ත මර්දන කටයුතුවලට සහභාගි වූ බව ඔහු පැවසුවත් එකී ප්‍රකාශය අසත්‍ය බව සංක්‍රමණික මණ්‌ඩලය නිගමනය කළේය. 2006 සිට 2009 දක්‌වා වූ කාලය තුළ මොහු සේවය කළේ කොළඹ ප්‍රදේශයේයි. ඔහු කිසිවිටෙක මෙහෙයුම් කලාපයේ සේවය කළේ නැත. එසේම කොටින්ට එරෙහිව ඔහු කිසිදු මෙහෙයුමකට සහභාගි වී නැතැයි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීහු සනාථ කළහ. 1993 හමුදාවට බැදුනු බන්ධනගේ නමැත්තාට 2009 වන තුරුම උසස්‌වීමක් ලැබී නැත.
ගාල්ලේ උපන් 38 හැවිරිදි මේ හමුදා නිලධාරියා කැනඩා බලධාරීන් හමුවේ දැක්‌වූ "ජුදාස්" රංගනය පාරාවලල්ලක් විය.
කැනඩා සංක්‍රමණික මණ්‌ඩලය ද ඔහුගේ දේශපාලන රැකවරණ ඉල්ලීමේ අයදුම්පත ප්‍රතික්‍ෂේප කළේ කැනඩා කොටි ජාලයට පවා ඔහු උතුරේ මෙහෙයුම්වලට සහභාගි වූ බවට වාර්තා වී නොතිබූ බැවිනි.
අනතුරුව ඔහු කැනඩා අභියාචනාධිකරණය වෙත අභියාචනයක් යොමු කළේය. කොළඹ නගරයේ ද්‍රවිඩයන්ව පරීක්‍ෂා කිරීමේ මෙහෙයුමට සම්බන්ධවීම තමා ප්‍රතික්‍ෂේප කළ බව ද ඔහු තවදුරටත් කීවේය. පසුගියදා එම අභියාචනය ද ප්‍රතික්‍ෂේප විය. කුන්ග් පූ, කරාටේ ශූරයකු යෑයි හඳුන්වා ගත් මෙම කපිතන්වරයා ශ්‍රී ලංකාව හා හමුදාව පාවාදෙමින් සාවද්‍ය ප5කාශ කර ඇත්තේ දේශපාලන රැකවරණ ලබාගැනීමටය. ඒ සඳහා ඔහු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාව ද පැඑටලැවීමට උත්සාහ කළේය. සිවාජිලිංගම්ගේ ගෙදරට බෝම්බ තැබීමට නියෝග වූයේ ආරක්‍ෂක අමාත්‍යාංශ නියෝගයකින් බවද ඔහු පැවසූ නමුත් මේ හමුදා නිලධාරියා අංක එකේ බොරුකාරයකු යෑයි සනාථ විය. ඔහු තමාට බෝම්බ තැබීමට උපදෙස් දුන් කර්නල් අතපත්තු බවට ද ඔහු පවසා ඇත. එහෙත් ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක ආනන්ද සංගරීගේ පුත් කැනඩාවේ සිටින ගැරී ආනන්දසංගරී නමැත්තා ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදු කළ බවට බන්ධනගේ නමැත්තා ඉදිරිපත් කළ කරුණු තුළින් ජාත්‍යන්තර පරීක්‍ෂණයක් කළ හැකි යෑයි කියා සිටියේය. එසේම ඔහුගේ මේ සාවද්‍ය ප්‍රකාශය කොටි හිතවාදීන්ට ඉමහත් වාසියක් විය. මෙරට හිටපු බී.බී.සී. වාර්තාකාරිය වූ ප්‍රාන්සස් හැරිසන් ද බන්ධනගේ නමැත්තාගේ ප්‍රකාශය උපුටා දක්‌වමින් සිංහල සෙබළුන් පවා යුද හමුදාව සිදු කළ අපරාධ හෙළි කරන බව පළ කළේය. මේ අන්දමට සිය මව්බිම හා ත්‍රස්‌තවාදීන්ට එරෙහිව දිවි පිදූ රණවිරුවන්ව පවා පාවා දුන් මෙම හිටපු කපිතාන්වරයා ෙද්‍රdaහියකු නොවන්නේද?
මෙයට සමානව ශ්‍රී ලංකා නාවික හමුදාවේ විද්යුත් අංශයේ සේවය කළ කොමදොaරුවරයකු වන ගුරුපරන් නමැත්තා විශ්‍රාම ලැබීමෙන් පසු කැනඩාවට ගොස් තමාට හා පවුලේ අයට දේශපාලන රැකවරණ දෙන්නැයි කළ ඉල්ලීම ද ප්‍රතික්‍ෂේප විය. ශ්‍රී ලංකා නාවික හමුදාව යුද අපරාධ සිදු කළ බව තමා දැන සිටියේ යෑයි ගුරුපරන් පැවසූ අතර කැනඩා සංක්‍රමණික මණ්‌ඩලය එම ප්‍රකාශය විශ්වාස කළේ නැත.
තමාට කොටි සංවිධානයෙන් තර්ජනය එලල්වූ බවට ද ගුරුපරන් විසින් ප්‍රකාශ කර තිබිණි. මේ අතර වසර 3 ක කාලයක් තුළ කැනඩාවේ රැඳී සිටීම සඳහා කපිතාන් බන්දනගේට පහසුකම් සැලසුවේ කවුදැයි අනාවරණය විය. මේ පසුබිම මැද නැගෙනහිර කොටි හමුදා නායකයාව සිටි රමේශ්ගේ බිරිය වූ වත්සලාදේවි විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට නඩු පැවරිය නොහැකි බවට දුන් ඇමරිකානු තීන්දුවට එරෙහිව යළිත් වරක් අභියාචනයක් ඉදිරිපත් කර ඇත. ඇය සිය අභියාචනයෙන් විමසා ඇත්තේ විදේශ රාජ්‍ය නායකයකුට වරප්‍රසාද හිමිකම දීමට ඇමරිකානු රජයට හිමිකමක් තිබේද හා එවන් බලයක් තුළින් අධිකරණ බලය උල්ලංඝනය වන්නේ ද යන්නයි.
රමේශ් නමැති කොටි මිනීමරුවාගේ අපරාධකාරී බිරිය වූ වත්සලාදේවි මෙලෙස ඇමරිකානු රජයට පවා අභියෝගයක් එල්ල කර ඇත. මේ අතර කැනඩාවේදී කපිතන් බන්ධනගේ නමැත්තා ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව කළ සාවද්‍ය ප්‍රකාශය මත හිටපු ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සිවාජිලිංගම් යාපනයේ සිට කැනඩා මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකා හමුදාව තෙවරක්‌ම තමාව ඝාතනය කිරීමට උත්සාහ කළ බව කීවේය. ඒ නිසාම 2008 ඔක්‌තෝබර් මසදී රටින් පැනගිය බවද පළ කළේය.
හමුදාව තමාව මරන්න යන බවට චෝදනා කළ සිවාජිලිංගම් ආපසු ශ්‍රී ලංකාවට ද පැමිණියේය. ප්‍රභාකරන්ගේ මවගේ අවමඟුල් උත්සවය මෙහෙය වූයේ ද සිවාජිලිංගම්ය. මෙලෙස කපිතන් බන්ධනගේ කළ ප්‍රකාශය මත කැනඩාවේ ද්‍රවිඩ කොන්ග්‍රසය මෙහෙය වන කොටියකු වන ඩේවිඩ් පූපාලපිල්ලේ ප්‍රකාශයක් කරමින් යුද හමුදා බලධාරීහු සිවිල් වැසියන්ට හිරිහැර කරන බව සනාථ වන බව කියා සිටියේය.
මෙවන් පසුබිමක් මැද ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සුරේශ් ප්‍රේමචන්ද්‍රන් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ට මහා විරු සමරුව (ත්‍රස්‌තයන්ව සැමරීම) පැවැත්වීමට ඉඩ නොදීමත් ඊට සම්බන්ධ සිසුන් අත්අඩංගුවට ගැනීම ගැනත් නිසි ප්‍රතිචාරය දක්‌වන්නැයි ද්‍රවිඩ ඩයස්‌පෝරාවේ සිසුන්ගෙන් ඉල්ලා ඇත. මේ ද්‍රවිඩ ඩයස්‌පෝරාව යෑයි කියන්නේ කොටි ඩයස්‌පෝරාව නොවේද?
මේ අතර පසුගියදා කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේදී කළු කෝට් එකක් සහ කළු කලිසමක් ඇඳ ටයිපටියක් ද එල්ලාගෙන සිටි අයකු දැන ගැනීමට හැකි විය. මොහු වෙනින් කවුරුත් නොව නිදහස් මාධ්‍ය ව්‍යාපාරික ජාලයේ මෙහෙය වන්නෙකි. නීතිවේදියකුගේ වෙස් ගත් මොහු මේ රඟදක්‌වන නාටකය බුද්ධි අංශ නිලධාරීන්ට ද දැකගත හැකි විය.
මේ අතර කොටි ත්‍රස්‌තවාදීන්ව උතුරේ දී සැමරීමට ක්‍රියා කළ පාර්ශ්වයන් ගැන ආරක්‍ෂක බුද්ධි සේවාවන්ට වාර්තා විය. මේ කොටි සමරුව පසුපස කොටි ඩයස්‌පෝරාව සිටින බව වැඩිදුරටත් හෙළි විය.
මෙවන් පසුබිමක් මැද යාපනය විශ්වවිද්‍යාලයේ කොටි සිසුන් හා ජර්මනියේ සිට ක්‍රියාත්මක වන ෙ-.ඩී.එස්. නමැති තිදෙනකුට සීමා වූ කොටි හිතවාදී සංවිධානය අතර තොරතුරු හුවමාරු වන බව අනාවරණය විය. මේ ඡේ.ඩී.එස්. සංවිධානය මෙහෙය වන්නේ මෙරටින් පැන ගිය භාෂණ අබේවර්ධන හෙවත් භීෂකයා නමැත්තායි. මේ අතර කොළඹ සිට ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් නමැත්තා කොටින්ව සැමරීම සඳහා ඉඩදිය යුතු යෑයි ඉල්ලා ඇත. එලෙස ඉඩ නුදුන්නොත් සහජීවනය ඇති වන්නේ නැතැයි ද ඔහු පවසා තිබේ.
ඒ අනුව මිනීමරු කොටින්ව සැමරීමට රජය ඉඩදිය යුතුද? මෙවන් පසුබිමක් යටතේ "සම අයිතිය" නමින් සංවිධානයක්a හිටිහැටියේ බිහි විය. ආරක්‍ෂක බලධාරීන් නැගෙනහිර ප්‍රදේශයේ ජනතාවගේ සමූහ ඡායාරූප ලබාගෙන ඔවුන් පදිංචි නිවාස ඇති ස්‌ථාන ජී.පී.එස්. තාක්‍ෂණය මගින් සටහන් කරගෙන ඇති බවට ද මේ එන්.ජී.ඕ. සංවිධානයේ කැඳවුම්කරු පවසා ඇත.
ස්‌විස් පොලිසිය පවා ජී.පී.එස්. තාක්‍ෂණය යටතේ එරට නිවාස තම පරිගණක ජාලය තුළ අන්තර්ගත කර තිබේ. ඇමරිකානු එෆ්.බී.අයි. පොලිසිය සෑම විද්යුත් ලිපියක් පවා නිරීක්‍ෂණය කරන විට ජාතික ආරක්‍ෂාව පතා ක්‍රියා කිරීමට මෙරට ආරක්‍ෂක බලධාරීන්ට හිමිකමක් නැද්ද? නාවික හමුදාවේ 62 වැනි සංවත්සරය හෙටට (09 දා) යෙදී ඇත. මුහුදු කොටි බළකාය ගැන මෙරට සමහරු උදම් අනද්දී නාවික හමුදාව කොටි මුහුදු ශක්‌තිය විනාශ කරලීමෙන් අනභිබවනීය වාර්තාවක් තැබීය.
කීර්ති වර්ණකුලසූරිය

දිවයින ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment