Photobucket

Thursday, December 20, 2012

අවමඟුල් පෙරහරට බඹර ප්‍රහාරයක්

දේහය බිම තබා පිරිස පැන දුවති

මෘත දේහයක් භූමදානය කිරීම පිණිස රැගෙන යන අවමඟුල් පෙරහරක ගමන් කරමින් සිටි පිරිසක් බඹර ප්‍ර‍හාරයකට ලක්වීමෙන් පසු තුවාල ලැබීම නිසා  (19) මස්කෙළිය රෝහලට ඇතුළත් කර තිබේ.

අවමගුල් පෙරහරේ ගමන් කරමින් සිටි පුද්ගලයන් 15ක් පමණ බඹර ප්‍ර‍හාරයට ලක්වූ අතර නල්ලතන්නිය පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව ඔවුන් මස්කෙලිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගන්නා ලදී. ඔවුන්ගෙන් කිපදෙනකුගේ තත්ත්වය තරමක් බරපතළ වූ මුත් අනෙක් පුද්ගලයන් සුළු තුවාල ලබා ඇති බවත් බරපතළ තත්ත්වයේ පසු නොවන බවත් මස්කෙළිය දිසා රෝහලේ නිලධාරියෙක් පැවැසීය. 

නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන තේ වත්ත ප්‍රදේශයේ පිරිසක් එම ප්‍රදේශයේ මිය ගිය පුද්ගලයකුගේ මෘත දේහය අවසන් කටයුතු කිරීම සදහා සුසාන භූමිය වෙත රැගෙන යමින් සිටි අවස්ථාවේ මේ බඹර ප්‍ර‍හාරයට ලක්වී ඇත. 

අවමගුල් පෙරහරේ ගමන් කරමින් සිටි පුද්ගලයෙක් හිංදු සංස්කෘතියට අනුව අවමගුල් පෙරහර ඉදිරියෙන් රතිඤ්ඤා දල්වමින් ගමන්කර ඇති අතර එම රතිඤ්ඤා කරලක් බඹර කූඩුවක් මතට වැටීමත් සමග ඔවුන් ඇවිස්සී පහර දී තිබේ. 

එම අවස්ථාවේ අවමගුල් පෙරහරේ ගමන් කරමින් සිටි පිරිස මෘත දේහය බිම තබා පලාගොස් ඇති අතර නල්ලතන්නිය පොලිසියේ නිලධාරින්ගේ මැදිහත්වීම මත දුම්ගසා බඹරුන් පලවා හැර මෘත දේහ‍යේ අවසන් කටයුතු කිරීමට පියවර ගෙන ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all