ජනපති අවධාරණය කරයි
වැරැදිකරුවන්ට එරෙහිව ව්‍යවස්ථානුකූලව කටයුතු කරන විට පෙරළා චෝදනා කිරීම
අද ඇතැමුන්ගේ පුරුද්දක් බවට පත්ව ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා
පැවැසීය.
ආණ්ඩුව කරන සෑම කටයුත්තකටම විරුද්ධවීමත් ඕනෑම දූෂිතකමක් කර ආණ්ඩුවට
විරුද්ධව කතා කිරීමත් ඇතැමුන්ගේ පිළිවෙත වූවත් ජනතාව සත්‍යය හොඳින් දන්නා බව ද
ජනාධිපතිවරයා පැවැසුවේය.
නීතිය ඉදිරියේ කවුරුත් සමාන බැවින් ඉහළ නිලධාරියකු වූවත්, පහළ නිලධාරියකු
වූවත් වැරැද්දක් කළා නම් දඬුවම් ලැබිය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය
කෙළේය.
තමා කිසිවකුගෙන් හෝ පළිගන්නා පුද්ගලයකු නොවන බව පැවසූ ජනාධිපතිවරයා තමා
සෑම විටකම අධිකරණය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන බව ද කීවේය.
ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කෙළේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන ජනතාවට
පහසුකම් සැලසීමට ඉදිකෙරුණු ‘කැනවින් ආකේඩ් ගිමන්හල’ ජනතා අයිතියට
පවරාදීමේ උත්සවයට ඊයේ (06) එක්වෙමිනි.
තැලෙන යකඩය දැක ඇතැමුන් උඩ පැන පැන තැලුවත් බොරු සටන් පාඨවලට ජනතාව නොමඟ
යැවිය නොහැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
යම් යම් නිලධාරීන්ගේ දූෂිතකම් කියමින් ඔවුන්ට එරෙහිව පියවර ගන්න යැයි
හඬනඟන විපක්ෂයම ඒ සඳහා ආණ්ඩුව අවශ්‍ය පියවර ගන්නා විට ඊට එරෙහිව චෝදනා එල්ල
කරන බවද ජනාධිපතිවරයා පැවසීය.
ජ්‍යෙෂ්ඨ ඇමැති හා නියෝජ්‍ය මුදල් ඇමැති සරත් අමුණුගම, ඇමැතිවරුන් වන කුමාර
වෙල්ගම, මර්වින් සිල්වා, නියෝජ්‍ය ඇමැතිවරුන් වන නිර්මල කොතලාවල, රෝහිත
අබේගුණවර්ධන, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි
ගාමිණි සෙනරත් මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ධනුෂ්ක ගොඩකුඹුර සහ මහින්ද අලුත්ගෙදර වැලිපැන්න සිට...
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment