ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් ඒකාබද්ධව සංවිධානය කරන ලද මහින්ද රාජපක්‌ෂ දකුණු ආසියානු සිව්කොන් පාපන්දු ශූරතා තරගාවලියේ හෙට (9 දා) ප.ව. 3.30 ට නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා මාලදිවයින සහ පාකිස්‌තානය දැන් සුදුසුකම් ලබා සිටිති.

ප්‍රතිවාදී පාකිස්‌තාන කණ්‌ඩායම සිය පෙරගමනේදී බංග්ලාදේශය ගෝල් 1-0 වශයෙන් පරදා මාලදිවයිනට පරාජය වී (1-0) ශ්‍රී ලංකාව සමග සමව පිහිටා (0-0) අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.
තරගාවලියේ තීරණාත්මක පූර්ව වටයේ අවසන් තරග දෙක වූ (7 වැනිදා) මාලදිවයින සහ බංග්ලාදේශය අතර තරගයේදී අවසන් මහ තරග ලාභී මාලදිවයින බංග්ලාදේශයට පරාජය වීම (1-0) විශේෂ සිද්ධියකි.
සත්කාරක ශ්‍රී ලංකා කණ්‌ඩායමද එක් තරගයක් පරාජය වී (මාලදිවයිනට 3-0) බංග්ලාදේශය පරාජය කොට (1-0), පාකිස්‌තානය සමග තරගය ජය ගෙන අවසන් මහා තරගය ආසන්නයේ සිටියද ශ්‍රී ලංකා කණ්‌ඩායම එම අධිවේගී තරගයේදී පහසු ගෝල් අවස්‌ථා පහක් (10, 32, 68, 71, 83 මිනිත්තුවලදී) අයාලේ යවා අවසන් මහ තරග සිහිනය බොඳ කර ගන්නා ලදී.
ශූරතා කුසලාන හිමිකර ගන්නා කණ්‌ඩායමට කුසලාන සමග ඩොලර් 5000 ක් පිරිනැමේ.
අසෝක ගුණතිලක
දිවයින ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment