සියඹලාණ්ඩුව ප්‍රදේශයේ විදුහලක 11 වසරේ ඉගෙනුම ලබන මෙවර අ. පො. ස. (සා. පෙළ)
විභාගයට පෙනී සිටීමට නියමිත ශිෂ්‍යයන් දොළොස්දෙනකු සමුගැනීමේ ප්‍රීතිය නිමිත්තෙන්
මත්පැන් පානය කිරීමේ සිද්ධියක් ගැන පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ.
ශිෂ්‍යයන් සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔවුන් මත්පැන් පානය කර සිටි බව වෛද්‍ය වාර්තාවලින් අනාවරණය වී තිබේ.
ඉන්පසු ශිෂ්‍යයන් සියඹලාණ්ඩුව පොලිස් භාරයට ගෙන ඇති අතර ඊයේ (7 වැනිදා) දහවල් වන විට ඔවුන් පිළිබඳ විමර්ශන කටයුතු සිදු කරමින් පැවතිණි.
මොනරාගල නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලසීක්, වැඩබලන පොලිස් අධිකාරී අනුර පුෂ්පකුමාර යන නිලධාරීන්ගේ උපදෙස් මත සියඹලාණ්ඩුව පොලිස් ස්ථානාධිපති පො. ප. සේනාධිපති කපිල ධර්මප්‍රිය සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලැබේ.
මඩුල්ල - කේ. එම්. පී. බණ්ඩාර, නයන ඉහළගෙදර - මොනරාගල
දිවයින ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment