ලක්ෂ 5 බැගින් ශරීර ඇප
රත්මලාන ජය මාවතේ පිහිටි කර්මාන්ත ශාලාවකින් රුපියල් දෙකෝටි
තිස්හත්ලක්ෂයක පොලිතින් සොරකම් කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන
අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් තිදෙනාට ඇපදීමට කොළඹ වානිජ අපරාධ
විමර්ශන ඒකකයේ නිලධාරීන් විරුද්ධත්වයක් නොමැති බැවින් ඔවුන් තිදෙනාව ඇප මත
මුදාහරින ලෙස හොරණ මහේස්ත්‍රාත් මහින්ද රණසිංහ මහතා නියෝග කළේය.
මෙලෙස ඇප නියම වූයේ හොරණ පදිංචි උඩුගහපත්තුවගේ දයානන්ද, උඩුගහපත්තුවගේ
දොන් සෙනරත් ප්‍රේමවංශ, ජේ. එස්. මිලාන් සම්පත් කුමාර නමැති අයයි.
එහි පළමු හා දෙවැනි සැකකරුවන් හට රුපියල් විසිපන්දහස බැගින් මුදල් ඇප හා
ලක්ෂ පහ බැගින් ශරීර ඇප දෙකක් බැගිනුත්, තුන්වන සැකකරුට රුපියල් පන්දහසක
මුදල් ඇප සහ රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් නියම කෙරිණි.
සැකකරුවන් තිදෙනා හට විදේශ ගතවීම වැළැක්වීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා,
එය වහාම ආගමන විගමන පාලක වෙත දන්වා යවන ලෙස නියෝග කළ අතර, යම් හෙයකින් විදේශ
ගතවීමට සූදානම් වී හසුවුවහොත් ඇප අවලංගු කරන බව ද විවෘත අධිකරණයේදී
පැවසීය.
ගැමියකු හොරෙන් කෙසෙල් කැනක් කැපුවහොත් පොලිසිය අත්අඩංගුවට ගැනීමෙන්
අනතුරුව ඔහුට ඇපදීමට පොලිසිය විරුද්ධ වුවහොත් දින හතක් රක්ෂිත බන්ධනාගාර
ගතකෙරෙන බව පෙන්වා දුන් පැමිණිල්ලේ නීතිඥ රොෂාන් දෙහිවල මහතා, මේ නඩුවේදී
අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විත්තියට වාසිදායක වන ලෙස කතා කිරීමත්,
සැකකරුවන්ට ඇපදීමට විරුද්ධ නොවීමත් පුදුම සහගත බව පෙන්වා දෙන ලදී.
පොලිසිය සුළු සොරකමකට පවා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇපදීමට ඔවුන්
විරුද්ධ බව දැක්වුවහොත් තමන්ට ඇප නොදී සිටිය හැකි බවත්, මේ සිද්ධියේදී අපරාධ
විමර්ශන ඒකකය ඇපදීමට කිසිම විරුද්ධත්වයක් නොමැති බැවින්, මේ අධිකරණයේදී
තමන්ට ඇපදීමට සිදුවන බව ද මහේස්ත්‍රාත් මහින්ද රණසිංහ මහතා විවෘත
අධිකරණයේදී පැවැසීය.
ම් පොලිතින් කර්මාන්ත ශාලාවෙන් මේ සොරකම දිගු කලක සිට කර ඇතැයි අධිකරණයට
ඉදිරිපත් කරන ලද බී වාර්තාවේ සඳහන් කර තිබුණා. විත්තිය වෙනුවෙන් නීතිඥ තුෂාර
ගුණරත්න මහතා ඇතුළු පිරිසක් පෙනී සිටියහ.
වැඩිදුර විභාගය 2013 පෙබරවාරි 28 දිනට කල් තැබීය.
හොරණ විශේෂ – එම්. ඩී. වී. විජයනාථ
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
0 comments:
Post a Comment