Photobucket

Sunday, December 23, 2012

කොටි ප්‍රහාරයක රහස්‌ හෙළිවේ

සටන් විරාම සමයේ මා යාපනය විශ්වවිද්‍යාලයේ
සිසුන්ට දේශන කීපයක්‌ පැවැත්වූවා - කොටි පරාජය වීමත්
සමගම සියළුදේම වෙනස්‌ වුණා

- කැනඩාවේ ලිබරල් පක්‍ෂ නායක බොබ්රේ

* දෙමළ ජාතික විමුක්‌ති අරගලය
ස්‌වයංතීරණ අයිතිය මත පදනම්වූ අරගලයක්‌
- පෙරටුගාමී පක්‍ෂයේ කවියෙක්‌ යෑයි
හඳුන්වා ගන්නා කොටි හිතවාදියෙක්‌


කුර්දි ත්‍රස්‌තයන්ද යාපනය විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් හඬ නගති

*
කොටි බෝම්බකරු සුරේශ් කුමාර් රහස්‌ හෙළිකරයි

*
කොටින්ට සහායවීම නිදහස්‌ අදහස්‌ ප්‍රකාශ කිරීමක්‌
නොව ත්‍රස්‌තවාදය යයි කැනඩා අගවිනිසුරුවරිය කියා සිටී

*
කොටි ඩයස්‌පෝරාවෙන් නියමු බී. බී. සී. වාර්තාකාරි
ප්‍රැන්සස්‌ හැරිසන්ට ස්‌ටර්ලින් පවුම් කොන්ත්‍රාත්තුවක්‌

*
කොටි මිනීමරුවන්ව සැමරීමටත් ඉඩදිය යුතු යෑයි ඉල්ලයි




1. හිටපු බී.බී.සී. වාර්තාකාරි ප්‍රැන්සිස්‌ හැරියන්ගේ ග්‍රන්ථය එළිදැක්‌වූ අයුරු කොටි කවියකු වූ ෙච්රන්ද මෙහි සිටී

2. කොටි කණ්‌ඩායම නතරවී සිටියේ තමිල්aනාඩුවේ අන්නා නගර් ප්‍රදේශයේයි.

3. කොටින්ට ගුවන්යානා නාශක මිසයිල සැපයීමට උත්සාහ කල සුරේෂ් ශ්‍රී ස්‌කන්ධරාජා

4. කැනඩා කොටි ත්‍රස්‌තයන් දෙදෙනකුට නිසි ප්‍රතිචාරය දැක්‌වූ අගවිනිසුරුවරිය වූ බෙවර්ලි මැක්‌ලාචිලන්

රජයත් විපක්‍ෂයක්‌ අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය ගැන මත ගැටුමක යෙදී සිටින අවස්‌ථාවේ සතුරා දැන් ක්‍රමක්‍රමයෙන් හිස ඔසවන සළකුණු මතුවී ඇත. එදා කොටි සිය අරමුදල් ලබාදී සිංහල ෙද්‍රdaහීන් කීපදෙනකු ලවා දේදුන්න නමින් සිංහලෙන් පුවත්පතක්‌ මට්‌ටක්‌කුලියේ සිට ප්‍රකාශයට පත්කරමින් කොටි ත්‍රස්‌තවාදය විමුක්‌ති අරගලයක්‌ බවට පෙන්නුම් කිරීමට උත්සාහ කළේය. ත්‍රස්‌ත මර්දන බලධාරීහු දේදුන්න පසුබිමේ සිටින පාර්ශවයන් හඳුනාගැනීමත් සටනට ඔවුහු ජර්මනියට පැන ගියහ. එහෙත් කොටි ඩයස්‌පෝරාව සපයන අරමුදල් මත මේ ෙද්‍රdaහීහු යලිත් ශ්‍රී ලංකාව දෙකඩ කිරීමේ සිය ඊළඟ මෙහෙයුම අරඹා ඇත. ඒ සඳහා "වන්නි පෝස්‌ට්‌" නැමැති කොටි වෙබ් අඩවිය එළිදක්‌වා තිබේ. එහෙත් රජයේ බලධාරීහු සතුරා විවිධ වෙස්‌ගෙන සිය බෙදුම්වාදී මෙහෙයුම් ක්‍රම ක්‍රමයෙන් දියත් කරන බව තේරුම්ගෙන තිබේද? එදා වන්නි මෙහෙයුම නතර කිරීමට දැඩි උත්සාහයක්‌ ගත් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු පිරිස මෙවරද 2 වැනි බෙදුම්වාදී මෙහෙයුමට දායකවී ඇත. එම පසුබිම යටතේ අත්අඩංගුවේ සිටින හිටපු කොටි මිනීමරුවන්ව මුදාගැනීමටද උත්සාහ කරන බව හෙළිවී තිබේ. ප්‍රභාකරන්ගේ නිල කවියා වූ පුදුවෙයි රත්නතුරෙයි නැමැති ත්‍රස්‌තවාදියාව මුදාගැනීමද ඔවුන්ගේ එක්‌ අරමුණකි.

"චන්ද්‍රිකා ප්‍රවේසම්වෙනු - මග තොටේදී බෝම්බ තබති. කවුරු කව්රුත් බෝම්බ තබති. කදිරගාමර් බලාගනු" යනුවෙන් කවි ලිව්වේ පුදුවෙයි රත්නතුරෙයි නැමැති කොටියායි. මේ මිනීමරු කොටියාට කුමක්‌ සිදුවූයේද යෑයි කියමින් යාපනයේදී ඔහුට වැළඳගත් සිංහල ෙද්‍රdaහීහු දන් හඬාවැලපේ. පුදුවෙයිට සිදුවුයේ කුමක්‌ද යන්න කියන්නැයි මේ ෙද්‍රdaහීහු රජයෙන් ඉල්ලා ඇත.

මේ තත්ත්වය මැද යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංවිධානය විසින් ජනාධිපතිවරයා වෙත සංදේශයක්‌ යවමින් කැරලිකරුවන් පිරිසක්‌ පරාජය කිරීමෙන් හැඟීම් නිවාදැමීමට නොහැකි බවත් එවන් හැඟීම් පොලිස්‌ කටයුතු නොවන අතර ඒ ගැන ක්‍රියාකල යුත්තේ සහජීවන ක්‍රියාවලියට අයත් දේශපාලන ක්‍රමවේදයක්‌ තුලින් යෑයි පවසා තිබේ. එසේම යාපනයේ රාජ්‍ය විරෝධි ත්‍රස්‌තවාදයක්‌ නැතිබවද එම සංවිධානය සිය සංදේශයේ තවදුරටත් දන්වා ඇත. රාජ්‍ය විරෝධි ත්‍රස්‌තවාදයක්‌ නැත්නම් යාපනය විශ්වවිද්‍යාලය තුල කොටි ත්‍රස්‌තයන් සැමරීමට ක්‍රියාකළේ කෙසේද?

සටන් විරාම සමය තුල කොටි සංවිධානය සිය ත්‍රස්‌ත මෙහෙයුම් සියල්ල දියත් කලේ යාපනය විශ්වවිද්‍යාලය තුල සිටය. දැන් කොටි ඩයස්‌පෝරාව කොටි බෙදුම්වාදී 2 වැනි මෙහෙයුම දියත් කර ඇත්තේද එම විශ්වවිද්‍යාලය තුළිනි.

ප්‍රභාකරන් ඇතුළු කොටි ත්‍රස්‌තයන්ව සැමරීමට යාපනය විශ්වවිද්‍යාල සිසුන් ක්‍රියාකිරීම නිසා ශිෂ්‍ය නායකයන් කීපදෙනෙක්‌ අත්අඩංගුවට ගැනීමත් සමඟම නෝර්වේ බ්‍රිතාන්‍යය, ජර්මනිය යන රටවල ඊළම්වාදීහු ඊට එරෙහිව විරෝධතා දැක්‌වූහ. පසුගිය දෙසැම්බර් 7 වැනිදා කුර්දි බෙදුම්වාදි සංවිධානයද ජර්මනියේ ඩසල්ඩෝප් නුවරදී යාපනය විශ්වවිද්‍යාල සිසුන්ව මුදාහරින ලෙස ඉල්ලමින් විරෝධතාවයක්‌ දක්‌වනු ලැබීය.

යෙක්‌ - කොම් (ශැන - ණදප) නැමැති මෙම ජර්මානු කුර්දි බෙදුම්වාදි සංවිධානය කොටි ඩයස්‌පෝරාව සමඟ සම්බන්ධ වූවකි. මේ අතර ශ්‍රී ලංකාව දෙකඩ කිරීමට උත්සහ කළ කැනඩාවේ ලිබරල් පක්‍ෂ නායක බොබිරේද යාපනය විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් හඬනගා ඇත.

බොබ්රේ 2002 සටන් විරාම සමයේ යාපනයට පැමිණ විශ්වවිද්‍යාල සිසුන් අමතමින් ගිනි ඇවිලීමට උත්සාහ කළේය. එහිදී ශ්‍රී ලංකාවේ වෙනම පරිපාලන ව්‍යqහයක්‌ ස්‌ථාපිත කිරීමේ අරමුණින් ඔහු දේශන කීපයක්‌ද පැවැත්විය. වත්මන් රජය සමයේ ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ කළත් රජය ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කර ආපසු කටුනායක ගුවන්තොටුපලින් පිටුවහල් කරනු ලැබීය.

පසුගිය 13 වැනිදා බොබ්රේ ප්‍රකාශයක්‌ කරමින් කොටි පරාජය වීම නිසා සියළුදේම වෙනස්‌වූ බවත් මානව හිමිකම් උල්ලංඝණය කිරීම ගැන රජය වගකිවයුතු බවත් කියා සිටියේය. මේ අතර මෙරට ත්‍රස්‌තවාදි මර්දන පණත අහෝසි කරන්නැයි රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු හඬ නගද්දී කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කොටි සංවිධානයට අවි ආයුධ මිලයට ගැනීමට උත්සාහ කළ කොටි ත්‍රස්‌තවාදීන් දෙදෙනකු සම්බන්ධව ඓතිහාසික තීන්දුවක්‌ ප්‍රකාශයට පත්කළේය.

කොටි සංවිධානය සඳහා ඩොලර් මිලියනයක්‌ වටිනා ගුවන් යානා නාශක මිසයිල හා ඒ. කේ. 47 අවි මිලයට ගැනීමට උත්සාහ කළ ප්‍රතීපන් නඩරාජා සහ සුරේෂ් ශ්‍රී ස්‌කන්ධරාජා යන කොටින් විසින් තමන්ට ඇමරිකානු එµa. බී. අයි. පොලිසිය වෙත බාර නොදෙන ලෙසත් එය ව්‍යවස්‌ථා විරෝධි ක්‍රියාවක්‌ බවත් දක්‌වමින් කැනඩා අධිකරණය වෙත පෙත්සමක්‌ යොමුකර තිබිණි.

මින් වෝටර්ලු සුරේෂ් හෙවත් සුරේෂ් ශ්‍රී ස්‌කන්ධරාජා නැමැත්තා කොටි සංවිධානයට පණිවුඩ හුවමාරු උපකරණ මිලයට ගැනීමට සැලසුම් කර තිබූ බවද අනාවරණය විය.

මොවුන් සම්බන්ධ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කල බෙවර්ලි මැක්‌ලාචිලන් අගවිනිසුරුවරිය පැවසුවේ ත්‍රස්‌තවාදී ක්‍රියා මෙහෙයවීම සහ ත්‍රස්‌තවාදී කණ්‌ඩායමකට සහය වීම නිදහස්‌ ලෙස අදහස්‌ ප්‍රකාශ කිරීමත් නොවන බවත් එවන් හිමිකමක්‌ කැනඩාවේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුල නැති බවය.

මෙම කොටි දෙදෙනා සිය පෙත්සමින් තවදුරටත් දක්‌වා තිබුණේ ඇමරිකානු අධිකරණය හමුවේ තමන්ට එරෙහිව නඩු පවරනවාට වඩා කැනඩාව තුලදී නඩු පැවරිය යුතු බවය.

2004 සහ 2006 අතර සමයේ සුරේෂ් ස්‌කන්ධරාජා අරමුදල් එකතු කරමින් කැනඩාවේ ද්‍රවිඩ සිසුන්ලවා ශ්‍රී ලංකාවේ කොටින්ට විවිධ උපකරණ පවා යවා තිබිණි.

එසේම සබ්මැරින නිර්මාණය කිරීමට අදාල පරිගණක මෘදුකාංග පවා ඔහු මිලයට ගෙන තිබූ බව හෙළිවේ. මෙම කොටි හිතවාදීන් දෙදෙනාම 2006 දී කැනඩා රහස්‌ පොලිසිය හා ඇමරිකානු එච්. බී. අයි. පොලිසිය විසින් සිදුකල මෙහෙයුමකදී අසුවිය. මෙහිදී මෙම කොටි දෙදෙනාගේ නීතිවේදීන් විසින් කොටි ත්‍රස්‌තවාදය නිත්‍යානුකූල සන්නද්ධ අරගලයක්‌ බවට පෙන්නුම් කිරීමට දැරූ උත්සාහයද අසාර්ථක විය.

මෙම පසුබිම යටතේ කැනඩා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එරට ත්‍රස්‌තමර්දන නීතිරීති අනුමත කරනු ලැබීමෙන් හය වසරක්‌ තිස්‌සේ පැවැති නඩුව පරාජය විය. කැනඩා ත්‍රස්‌ත මර්දන නීතිරීතිවලට එරෙහිව ප්‍රභාකරන්ගේ සගයන් දෙදෙනා විසින් පවරා නඩුව කැනඩා පොලිසිය විසින් ජය ගැනීමෙන් පසු එරට අධිකරණ ඇමැති රොඩ් නිකල්සන් ප්‍රකාශය කරමින් ත්‍රස්‌තවාදි තර්ජන සම්බන්ධයෙන් කැනඩාව වරප්‍රසාද දෙන්නේ නැතැයිs කියා සිටියේය.

ඒ අනුව කැනඩාව විසින් ප්‍රතිපන් නඩරාජා යන සුරේෂ් ශ්‍රී ස්‌කන්ධරාජා යන කොටින් දෙදෙනාට ඇමරිකානු එµa. බී. අයි. පොලිසිය වෙත භාරදීමට නියමිතය. කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ත්‍රස්‌තවාදි කටයුතු සම්බන්ධයෙන් දුන් මෙම තීන්දුව අගවිනිසුරු ඇතුළු විනිසුරුවරුන් හත් දෙනකුගේ ඒකමතික තීරණය විය. එහෙත් කොටි සැමරුම පැවැත්වූ යාපනය විශ්වවිද්‍යාල සිසුන්ව ත්‍රස්‌ත මර්දන පණත යටතේ අත්අඩංගුවට ගැනීම අදහස්‌ ප්‍රකාශ කිරීමට එරෙහි වීමක්‌ යෑයි කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු 126 ක්‌ විසින් ප්‍රකාශ කර තිබිණි. මේ තත්ත්වය මැද ශ්‍රී ලංකාවේ රජයත් ත්‍රස්‌ත මර්දන ඒකකයක්‌ කැනඩා අගවිනිසුරු බෙටර්ලි මැක්‌ලාචිලන් ඇතුළු විනිසුරු මඩුල්ලේ නඩු තීන්දුව මෙරටට ගෙන්වා ගැනීමට විගස ක්‍රියාකල යුතුව ඇත. මේ නඩු තීන්දුව ත්‍රස්‌තයන් මුදාහරින්නැයි බෙරිහන්දෙන මෙරට ද්‍රවිඩ සන්ධානයන් ඩොලර් සහ යුරෝ අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධාන වලටත් ත්‍රස්‌තවාදීන්ටද නිදහස්‌ ඇතුළු ප්‍රකාශ කිරීමේ හිමිකම ඇතැයි පවසන නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලයටත් නිසි ප්‍රතිචාරයකි.

මේ විනිසුරු මඩුල්ල සෘජුවම සිය තීන්දුවෙන් පැවසුවේ ත්‍රස්‌ත මර්දන නීතිරීති වලින් නිදහස්‌ අදහස්‌ ප්‍රකාශ කිරීම උල්ලංඝණය වන බවට ඉදිරිපත් වූ තර්කය ප්‍රතික්‍ෂේප කරන බවයි.

මෙලෙස කොටින්ට අවි සැපයීමට උත්සාහ කළ කැනඩා කොටි දෙදෙනා පරාජයට පත්වීම ගැන කැනඩා කොටිජාලය කම්පනයට පත්වන අවස්‌ථාවේ මැලේසියාවේ කොටි හිතවාදීන්ගේ සමුළුවට සහභාගිවීම සඳහා ඔස්‌ටේ්‍රලියාවේ සිට සිංගප්පූරුවට කොටි හිතවාදියකුවන බ්‍රයන් සෙනවිරත්න නැමැත්තාව පිටුවහල් කිරීමට සිංගප්පූර් බලධාරීහු ක්‍රියාකර ඇත.

කොටි ඩයස්‌ පෝරාවේ රැස්‌වීම් අමතමින් ප්‍රභාකරන් විසින් ශ්‍රී ලංකා රජයට හා හමුදාවට නිසි පාඩමක්‌ උගන්වනු ඇතැයි නිරතුරුවම කියා සිටි බ්‍රයන් සෙනවිරත්නව පසුගිය සිකුරාදා සිංගප්පූර් ආගමන විගමන බලධාරීන් විසින් කුඩා කාමරයකට දමා පැය 5 1/2 ක්‌ තිස්‌සේ රඳවාගෙන තිබිණි.

"මට ආහාර පානවත් - ජලය හා වැසිකිලි පහසුකම්වත් දුන්නේ නෑ. සන්නද්ධ පොලිස්‌ භටයෙක්‌ මාව ගුවන් යානයට ගොඩකර මගේ ගමන් බලපත්‍රය යානාවේ නියමුවාට දුන්නා. මෙය මට කල අවමානයක්‌ යෑයිද ඔහු තවදුරටත් පවසා ඇත. මැලේසියානු කොටි හිතවාදීන්ගේ සමුළුවට පැවැත්වීමට කටයුතු යොදා තිබුණේ ද්‍රවිඩ අනාථයන්ගේ ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීමේ මුවාවෙන් යෑයි හෙළිවිය. මේ අතර ඇමරිකා සහ කැනඩා කොටි ඩයස්‌පෝරාව වෙනුවෙන් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තුල පෙනී සිටින කොටි අරමුදල් ලබන්නකු වූ මැතිව් රසල් ලි නැමැත්තා විසින් එක්‌සත් ජාතීන්ගේ ලෙබනනයේ සිටින සාම හමුදා නිරීක්‍ෂණ චාරිකාවට සහභාගිවන මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සහභාගිත්වය නතර කිරීමට දැඩි උත්සාහයක්‌ ගත්තේය. ශවේන්ද්‍ර සිල්වා යුද අපරාධකරුවකු යෑයි කියමින් මහලේකම් බෑන් කී මුන් විසින් ශවේන්ද්‍ර සිල්වාගේ ගමන වහාම නතර කල යුතු යෑයි මැතිව් රසල්ලි විසින් ඉල්ලා ඇත.

එහෙත් බෑන් කී මුන් ඊට ප්‍රතිචාර දක්‌වමින් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට ශවේන්ද්‍ර සිල්වා ලෙබනනයට යැම නතර කිරීමට බලයක්‌ නැතැයි පවසනු ලැබීය. මේ අතර කොටි සංවිධානය සමඟ දැඩි සබඳකම් පැවැත්වූ මෙරට හිටපු බී.බී.සී. වාර්තාකාරිය වූ ප්‍රැන්සස්‌ හැරිසන් ලන්ඩන් නුවර සිට චෙන්නායි නුවරට පැමිණියාය. ඇය පැමිණියේ ලන්ඩන්හි කොටි ඩයස්‌පෝරාවේ කොන්ත්‍රාත්තුවක්‌ ඉටුකිරීම සඳහායි. චෙන්නායි නුවරදී ඇගේ සිටිල් කවුන්ටින් ඔන් ඩෙත් නැමැති ග්‍රන්ථය දෙමල පරිවර්තනය එළිදැක්‌වූ අතර එය ප්‍රකාශයට පත්කළේ යාපනයේ සිට කැනඩාවට පැනගිය කොටි කවියකු වූ ෙච්රන්ය.

චෙන්නායිහිදී ප්‍රැන්සස්‌ හැරිසන් මෙලෙස කියා සිටියාය. "කොටි සංවිධානය අර්බුදකාරී තත්ත්වයකට පත්වූයේ ශ්‍රී ලංකා රජය සමූල ඝාතන සිදුකල නිසයි. යුද්ධයේ අවසාන අදියරේදී දහස්‌ ගණනක්‌ ගැහැනුන් හා මිනිසුන්ව මැරුවා.

මේ යුද්ධය සියෑසින් දුටු සාක්‍ෂිකරුවන් දසදෙනෙක්‌ සමඟ මා සාකච්ඡා කළා. කන්‍යා සොයුරියන් - හෙදියන් - ගුරුවරියන් හා කොටි සටන්කාමීන් සමගද සාකච්ඡා කළා. තවත් දහස්‌ ගණනක්‌ සමඟද සාකච්ඡා කිරීමට මට හැකිවුණා."

වන්නි මෙහෙයුම සමයේ මෙරට නොසිටි මෙම හිටපු බී. බී. සී. වාර්තාකාරිය පවසන්නේ ඇය යුද්ධය ඇසින් දුටු අප සමඟ සාකච්ඡා කල බවයි.

ශ්‍රී ලංකා හමුදාව දසදහස්‌ ගණන් මැරුවා. මේ පිරිස ගැලවුනේ කෙසේද? එසේම ඇය ලෝක වාර්තාවක්‌ද තබා ඇත. ඒ යුද්ධය ඇසින් දුටු දහසකට අධික සංඛ්‍යාවක්‌ සමඟ සාකච්ඡා කිරීමයි.

2002-2004 කාලය තුළ ශ්‍රී ලංකාවේ සිටි ප්‍රැන්සිස්‌ හැරිසන් මෙරටින් යැමට පෙර ගාලු මුවදොර හෝටලයේ පැවැත්වූ සාදයට පුලිතේවන් ත්‍රස්‌තයාටද ඇරයුම් කර තිබිණි.

එසේම ඇගේ ග්‍රන්ථයේ ද්‍රවිඩ පරිවර්තනය එළිදක්‌වන අවස්‌ථාව යාපනයේ සිට තමිල්නාඩුවට පැනගිය කොටි කවියන් කීපදෙනකුද පැමිණ කවි ගායනා කර ඇත.

බ්‍රිතාන්‍ය හමුදාවට එරෙහිව එල්ලවී අඇති යුධ අපරාධ චෝදනා ගැන විමර්ශනය නොකරන ප්‍රැන්සස්‌ හැරිසන් ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ චෝදනා නගන අවස්‌ථාවේ අන්තර් වාර ඊලම් ආණ්‌ඩුව නැමැති සංවිධානය ලන්ඩනයේදී රැස්‌වී ශ්‍රී ලංකාව සම්බන්ධව යෝජනා කීපයක්‌ සම්බන්ධ කර ඇත.

මේ එක්‌ යෝජනාවක දක්‌වා ඇත්තේ උතුරේ සිටින කොටි මහවිරු පවුල් 1000 කට තහාලීර් වැඩසටහන යටතේ ආධාර සැපයීමය. කොටි සමරුව සිදුකිරීම නිසා අත්අඩංගුවට ගත් විශ්වවිද්‍යාල සිසුන් මුදාගැනීමත්ය.s

මෙම ව්‍යාජ කොටි පාර්ලිමේන්තුවේ විශේෂ දේශනයක්‌ පවත්වා ඇත්තේ නිර්වේල් බැංකු මංකොල්ලයේ මුදල් ළඟ තබාගත් එමානුවෙල් පියනමයි මේ අතර හිටිහැටියේ මතුවූ සම අයිතිය නමින් හදුන්වාගත් සංවිධානයක්‌ මේ සතියේ දිනෙක කොටුව දුම්රියපල ඉදිරියේ විරෝධතාවයක්‌ පවත්වමින් උතුරේ කොටි ත්‍රස්‌තවාදීන්ව සැමරීම සඳහා ඔවුන්ගේ ඥතීන්ට හිමිකමක්‌ ඇතැයි පවසා ඇත.

එසේ නම් රජිව් ගාන්ධි මැරු බාබු ආර්. ප්‍රේමදාස ඝාතනය කල බාබු ඇතුළු සියළු ඝාතකයන්ව ප්‍රසිද්ධියේ සැමරීම සඳහා ඉඩදිය යුතුද?

මේ අතර තමිල්නාඩු රහස්‌ පොලිසිය විසින් චෙන්නායිහි පල්ලවායිම්හි නල්ලතම්බි මාර්ගයේ නිවසක රෝද පුටුවකින් ගමන් කරන ද්‍රවිඩයකු වූ සුරේෂ් කුමාර් ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මේ සුරේෂ් කුමාර් යනු කළු කොටි බෝම්බකරුවන් වෙනුවෙන් විද්Hqත්පටි බෝම්බ නිපදවූ කොටි බෝම්බ නිෂ්පාදකයායි. වන්නියේ ඇතිවූ පිපිරීමකදී ඔහුට එක්‌ පාදයක්‌ අහිමි විය. පසුව ඔහු තමිල්නාඩුවට පැනගිය බව වාර්තා විය. තමිල්නාඩු රහස්‌ පොලිසිය තවදුරටත් කළ විමර්ශන වලදී හෙළිවූයේ සුරේෂ් කුමාර්ගේ ප්‍රධානත්වයෙන් නව කොටි කණ්‌ඩායමක්‌ බිහිකර තිබූ බවයි. මෙයට නව තරුණ කොටි කණ්‌ඩායම යෑයි නම්කර තිබිණි. මේ කණ්‌ඩායමේ අරමුණ වූයේ ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක මර්මස්‌ථාන වලට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමයි. ඔහුගේ නිවසේ තිබී ලැප්ටොප් දෙකක්‌, විදුලි වයර්, විද්Hqත් පරිපථ, බෝම්බ නිෂ්පාදන උපකරණ රැසක්‌ද සොයා ගැනුණි. මේ කොටි බෝම්බකරුවා සමඟ සිටි උදයදොස්‌, ටී. මහේෂ්වරන් සහ ක්‍රිෂ්ණමූර්ති යෑයි කොටි ක්‍රියාකාරීන්වද අත්අඩංගුවට ගෙන තිබේ. සුරේෂ් කුමාර් විසින් ශ්‍රී ලංකාවට ගොස්‌ බෝම්බ පිපිරවීම සඳහා ද්‍රවිඩ කණ්‌ඩායමක්‌ද පුහුණුකර තිබූ බව තවදුරටත් කරන ලද පරීක්‍ෂණ වලදී අනාවරණය විය. ශ්‍රී ලංකා හමුදාව විසින් යාපනයේදී අල්ලාගත් හිටපු කොටි ක්‍රියාකාරීන් දෙදෙනකුගෙන් ප්‍රශ්න කිරීමේදී සුරේෂ් කුමාර් ප්‍රමුඛ නව තරුණ කොටි කණ්‌ඩායමේ සියලු රහස්‌ හෙළිවී ඇත.
  
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all