Photobucket

Sunday, December 23, 2012

අඩුවයසින් දිවියෙන් සමුගත් සන්ජීව් කුමාර්

ප්‍රේමවන්තයාගේ සිට වියපත් පුද්ගලයා දක්‌වා විවිධ වූ චරිතයන් අති දක්‌ෂ අන්දමින් නිරූපණය කිරීමට උපන් හැකියාවක්‌ තිබූ මෙම රංගන ශිල්පියා හින්දි සිනමාවේ එතෙක්‌ මෙතෙක්‌ බිහි වූ විශිෂ්ටතම රංගන ශිල්පියෙකු ලෙස සැලකේ. තුරුණු වියේදී වයස අවුරුදු 75 ක පුද්ගලයකු ලෙසද රඟපා ඇති මෙම ශිල්පියා සැබෑ දිවියේදී වයස අවුරුදු 50 ක්‌ වන තෙක්‌වත් ජීවත් නොවීම දෛවෝපගත සිදුවීමකි. 60 හා 70 දශකයන්හි හින්දි සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ මොහු නමින් සන්ජීව් කුමාර්ය.

සන්ජීව් 1938 වසරේ ජුලි මස 9 වැනිදා ඉන්දියාවේ ගුජරාට්‌ ප්‍රාන්තයේ "සුරත් ප්‍රදේශයේ පදිංචි සහෝදර සහෝදරියන් සිවු දෙනෙකුගෙන් යුතු සාමාන්‍ය පවුලක වැඩිමලා ලෙසින් උපත ලැබීය. සන්ජීව් කුඩා කාලයේදීම ඔහුගේ පියා හදිසියේම මියගිය අතර පියාගේ මරණයෙන් පසු ඔහු තම මව හා සහෝදර සහෝදරියන් සමඟ ජීවත් වූයේ මුම්බායිහි පිහිටි කුඩා නිවසකය.

පවුලෙහි ආර්ථික මට්‌ටම යහපත් තත්ත්වයක නොමැති වුවද එකල තිරගත වූ සෑම චිත්‍රපටයක්‌ම පාහේ නැරඹීමට ඔහු කෙසේ හෝ මුදල් සොයා ගත්තේය.

ඔහු යෞවනයෙකුව සිටියදීම වේදිකා නාට්‍යවල රඟපෑමට යොමු වූ අතර එක්‌ නාට්‍යයක වයස අවුරුදු 75 ක පුද්ගලයකු ලෙස රඟපෑවේය. කෙසේ වුවද සන්ජීව්ගේ දැඩි ඇල්ම පැවැතියේ සිනමා රංගනය කෙරෙහිය. තුරුණුවියට පිවිසෙත්ම ඔහුට "ෆිල්මාලයා" රංගන පාසලට ඇතුළත් වීමට හැකි විය. එම රංගන පාසලෙන් සිනමා රංගනය හැදැරූ නිළියක වන සිමී විසින් සන්ජීව්ගේ රංගන කුසලතාවන් හා ඔහුට දෙබස්‌ මතක තබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව ප්‍රශංසා මුඛයෙන් ඒකල කතා කර තිබිණි.

"ෆිල්මාලයා"Êරංගන පාසලෙහි අධ්‍යාපනය ලබන අතරතුර "ෂාඩි තා පුස්‌ටාව්" වැනි වේදිකා නාට්‍යවලටද රංගනයෙන් දායක වූ සන්ජීව් හට එම රංගන පාසලෙහි සිනමා නිර්මාණයක්‌ වූ "හම් හින්දුස්‌ථානි" (1960) චිත්‍රපටයෙහි සුළු චරිතයක්‌ නිරූපණය කිරීමටද අවස්‌ථාව ලැබිණි. එය ඔහුගේ ප්‍රථම සිනමා රංගනය විය. කඩවසම් පෙනුqමකින් යුතු සන්ජීව් නිරතුරුව සිනාමුසු මුහුණකින් සිටි ප්‍රියමනාප අයෙකුවීම නිසා බොහෝ සිනමා අධ්‍යක්‌ෂවරුන්ගේ අවධානය ඔහු වෙත යොමු විය. 1960 දශකයේ මැද භාගයේදී සන්ජීව් විසින් අඩු වියදමින් නිපදවූ "නිෂාන්" හා "අලි බබා ඇන්ඩ් ෆෙdaට්‌ තිව්ස්‌" වැනි චිත්‍රපටවල වීරයාගේ චරිතය රඟපෑවේය. මෙම චිත්‍රපටවල රඟපෑ චරිතයන් ඔහුට පසුකාලීනව හින්දි සිනමාවේ ඉදිරියට යැමට මහෝපකාරී විය. මුල් කාලයේ ඔහු රඟපෑ "සී" ශ්‍රේණියේ චිත්‍රපටවලට විරාමය තබමින් 1968 වසරේදී "ඒ" ශ්‍රේණියේ චිත්‍රපට 2 ක රඟපෑමට සන්ජීව් හට හැකියාව ලැබිණි. ඒ අනුව "ෂිකාර්" හා "ෂුන්ගුර්ෂ්" යන චිත්‍රපටවල ඔහු චරිතයන් නිරූපණය කළේය. "ෂුන්ගුර්ෂ්" චිත්‍රපටයෙහි දිල්ප් කුමාර් සමඟින් රඟපෑ සන්ජීව් හට එම චරිතය වෙනුවෙන් හොඳම සහාය නළුවාට හිමි ෆිල්ම් ෆෙයාර්" සම්මානය හිමි විය.

මෙම චිත්‍රපටවල සාර්ථකත්වයත් සමගම එවකට සිටි ජනප්‍රිය රංගන ශිල්පිනියන් මෙන්ම නවක ශිල්පිනියන් සමඟ රඟපෑම සඳහා චිත්‍රපට රැසක්‌ සන්ජීව් වෙත ලැබෙන්නට පටන් ගත්තේය. ඔහුද එම සෑම චිත්‍රපටයකම රඟපෑම සඳහා ගිවිසුම්වලට එළඹිණි. ඔහු කේ. අසීෆ්ගේ "ලව් ඇන්ඩ් ගෝඩ්" චිත්‍රපටයේ රඟපෑමෙන් පෙන්නුම් කළ දක්‌ෂතාව මත 1970 වසරේÊතිරගතවූ "කිලෝනා" චිත්‍රපටයෙහි රඟපෑමට අවස්‌ථාව ලැබිණි. මුම්ටාස්‌ එහි ප්‍රධාන නිsළි චරිතය රඟපෑ අතර එම චිත්‍රපටයෙහි රඟපෑමෙන් සන්ජීව් ජනප්‍රිය තරුවක්‌ බවට පත්විය.

අනතුරුව ඔහු චිත්‍රපට කිහිපයකම ප්‍රධාන චරිත රඟපෑ අතර එම චිත්‍රපට අතර "දාස්‌තාක්‌" (1970) "සීතා ඕර් ගීතා" (1972), "අනුභව්" (1972) "පරිෙච්" (1972) "මන්චාලි" (1973) "ආප් කී කසම්" ප්‍රධාන වේ. 1970 දශකයේ මුල් භාගයේදී ගුල්සාර් නමැති ප්‍රකට සිනමා අධ්‍යක්‌ෂවරයා සමඟින් චිත්‍රපට 9 කට රංගනයෙන් දායක වීමට සන්ජීව්ට හැකිවිය. "කෝෂිස්‌" (1973) "ආන්දි" (1975) "මෝසම්" (1975) "අන්ගුර්" (1981) "නාම් කේන්" (1982) ඒ අතර ප්‍රධාන වේ.

සන්ජීව් තම රංගන දිවිය තුළදී එක්‌ චරිතයකට පමණක්‌ කොටු නොවී විවිධ චරිතාංග රංගනයන් ඉදිරිපත් කිරීම හේතුවෙන් එකල සිනමා ප්‍රේක්‌ෂකයන් අතර ඔහු අතිශයින් ජනප්‍රියත්වයට පත්ව සිටියේය. "සීතා ඕර් ශීතා" "බීව් ඕ බීව්" "පති පන්නි ඕර් වෝ" "අන්ගුර්" හා "හීරෝ" යන චිත්‍රපටවලට ඔහු විකට චරිතයන්ද නිරූපණය කළේය.

සත්‍යජිත් රායිගේ සම්භාව්‍ය සිනමා නිර්මාණයක්‌වූ "ශම්රාන්- කේ කිලාරි" (1977) "ෂෝලේ" (1975) "ත්‍රිශූල්" (1978) හා "නයා නවරාත්‍රි" (1964) සන්ජීව් රඟපෑ සෙසු චිත්‍රපට අතර වේ. ඔහු යෑෂ් වොප්රාගේ "ත්‍රිශූල්" (1978) චිත්‍රපටයෙහි අමිතාබ් බච්චන් සමගද දිලිප් කුමාර් සමග සුබාෂ් ගායිගේ විදාතා චිත්‍රපටයේද රඟපා තිබේ. 60 හා 70 දශකයන්හි හින්දි සිනමාවේ ප්‍රධාන චරිත රඟපෑ සන්ජීව්ට 80 දශකයේ මුල් භාගයේදී වැඩි වශයෙන්ම රඟපෑමට ලැබුණේ සහායක චරිතයන්ය. 1980 වසරේදී ඔහු පන්ජාබ් ජාතික චිත්‍රපටයක්‌ වූ "µqවුජි චාචා" චිත්‍රපටයෙහි රඟපෑවේය.

සිය රංගන දිවිය තුළදී "ආන්දි" හා "අර්ජුන් පණ්‌ඩිත්" යන චිත්‍රපටවල රඟපෑම වෙනුවෙන් පිළිවෙළින් 1975 හා 1976 වසරවලදී හොඳම රංගන ශිල්පියාට හිමි වන "ෆිල්ම් ෆෙයාර්" සම්මානයෙන් පිදුම් ලැබූ සන්ජීව් 1971 වසරේ "දාස්‌තාක්‌" චිත්‍රපටය වෙනුවෙන් හොඳම නළුවාට හිමි ජාතික සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහුගේ නම "ෆිල්ම් ෆෙයාර්" සම්මාන 14 කට යෝජනා වී තිබූ අතර තෙවරක්‌ම හොඳම සහාය නළුවාට හිමි සම්මානය හිමි වී ඇත.

පුද්ගලික ජීවිතයේදී කාන්තාවන් රැසක්‌ සමග සමීපව ඇසුරු කළ සන්ජීව් එකල ජනප්‍රිය නිළියක වන හේම මාලිනීට පෙම් කර ඇයව විවාහ කරගැනීම සඳහා ඉදිරිපත් කළ යෝජනාව හේම මාලිනී විසින් ප්‍රතික්‌ෂේප කිරීම ජනප්‍රිය පුවතකි. අනතුරුව එම තත්ත්වය නිසාම මත්පැනටද ඇබ්බැහි වූ සන්ජීව් පසුව සුලක්‌ෂනා පණ්‌ඩිත් නමැති රංගන ශිල්පිනිය සමඟද සබඳකම් පැවැත්වීය. කෙසේ වුවද ඔහු ඇය හා විවාහ නොවූ අතර සිය ජීවිත කාලයේ අවිවාහකව සිටියේය.

ඔහු අවිවාහකව සිටීමට හේතුව කුමක්‌දැයි නිශ්චිතව අනාවරණය වී නැතත් ඔහු ස්‌ත්‍රී සමාගම ප්‍රිය කළ බව එකල ප්‍රකට කරුණකි.

සන්ජීව්ගේ පවුලෙහි ඔහුගේ බාල සහෝදරයන් දෙදෙනාම වයස අවුරුදු 50 ක්‌ වත් ජීවත් නොවූ අතර 1985 වසරේදී දරුණු හෘදයාබාධයකට ගොදුරු වීම හේතුවෙන් ඇමරිකා එක්‌සත් ජනපදයේදී සන්ජීවි බයිපාස්‌ හදවත් සැත්කමකට ලක්‌ කෙරිණි.

සන්ජීව් රඟපෑ අවසාන චිත්‍රපටය වූයේ 1993 වසරේදී තිරගත වූ "ප්‍රොෆෙaසර් කී පඩෝසන්" චිත්‍රපටයයි. කෙසේ වුවද ඔහුට කලින් වැළඳුණු හෘදයාබාධය හේතුවෙන් චිත්‍රපටය සම්පූර්ණයෙන් රූගත කර අවසන් කිරීමට නොහැකි විය. මේ අනුව ඔහුගේ චරිතය අවසන් දර්ශනවල නොමැතිව චිත්‍රපටය තිරගත කිරීමට නිෂ්පාදකයන්ට සිදුවිය.

දශක තුනක පමණ කාලයක්‌ හින්දි සිනමාවට රංගනයෙන් සිය දායකත්වය ලබා දුන් සන්ජීව් කුමාර් නම් මෙම අසහාය නළුවා ඔහුට වැළඳුණු හෘදයාබාධය හේතුවෙන් 1985 වසරේ නොවැම්බර් 06 වැනිදා සදහටම දෙනෙත් පියාගත්තේය. මියයන විට ඔහු 47 වැනි වියෙහි පසු විය.
 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all