එජාප නායකයාටවත් නියෝජ්‍ය නායකයාටවත්
ආණ්ඩුව පෙරළන්ඩ බැහැ
සිරිකොතෙන් අලුත්ම සැලැස්මක්
මේ රජය පෙරළා දැමීමට නම් අපි අපටම බැණ ගනිමින් නොසිට රටේ සිදුවෙන හැම සිදුවීමකම
වගකීම රටේ රාජ්‍යනායකයා වන ජනාධිපතිතුමාගේ ගිණුමට බැර කළ යුතු යැයි එ.ජා.ප
පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා මහතා සඳහන් කොට තිබේ.
රටේ සිදුවෙන සෑම
ගැටලුවක් පිළිබඳව ම වගකීම ජනාධිපතිතුමා පිටින් යවා රජය අප්‍රසාදයට පත් කිරීමේ
සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට එ.ජා.පය සූදානම් වෙන බවට වාර්තා වෙයි.
පසුගිය සතියේ දී රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ එ.ජා.ප යට අනුබද්ධ වෘත්තිය සමිති
සම්මේලනයේ 45 වන සංවත්සරය සිරිකොත එ.ජා.ප මූලස්ථානයේ පැවැති අවස්ථාවේ එ.ජා.ප
පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝශප් මයිකල් පෙරේරා මහතා විසින් ජනාධිපතිතුමා රටේ ජනතාව අතර
අප්‍රසාදයට පත් කිරීමේ නව මෙහෙයුම ක්‍රියාත්මක කළ යුතු ආකාරය ගැන දීර්ඝ ලෙස
පැහැදිලි කොට තිබේ.
ජනාධිපතිතුමා සහ රජය අප්‍රසාදයට පත් කිරීමේ නව මෙහෙයුම ක්‍රියාත්මක කිරීමෙන් පමණක්
මේ රජය පෙරළා දැමීමට උත්සාහ ගත යුතු බවත් එසේ නොමැතිව මේ ශක්තිමත් රජය පෙරළා දැමීමට
එ.ජා.ප. නායකයාට, නියෝජ්‍ය නායකයාට හෝ එ.ජා.ප යට හැකියාවක් නොමැති බවත් ඒ සඳහා මේ
රටේ රාජ්‍ය නායකයා අපකීර්තියට පත් කිරීමේ කටයුත්ත වේගවත් කරන ලෙස ද ජෝශප් මයිකල්
පෙරේරා මන්ත්‍රීවරයා එ.ජා.ප පාක්ෂිකයන්ගෙන් ඉල්ලා තිබේ.
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ එ.ජා.ප යට අනුබද්ධ වෘත්තිය සමිති සම්මේලනයේ 45 වන
සංවත්සරයට එ.ජා.ප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ එ.ජා.ප මහ ලේකම් තිස්ස අත්තනායක
ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
0 comments:
Post a Comment