අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය දේශපාලන රංගනයක යෙදෙන බවට
චෝදනා. දෝෂාභියෝගයෙන් වැරදිකාරිය වී සිටින ඇය දේශපාලන න්‍යාය පත්‍රයකට
කටයුතු කරමින් රට පාවා දෙන්නන් සමඟ එක්ව ඇතැයි ඇමැති මර්වින් සිල්වා චෝදනා කරයි.
සරත් ෆොන්සේකා මහතා ඇයට දේශපාලනයට පැමිණෙන ලෙස කර ඇති ආරාධනයෙන් බළලා
මල්ලෙන් එළියට පැමිණ ඇතැයි ද ඒ මහතා කියයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ
විජයදාස රාජපක්‍ෂ මහතාගේ නිවසට එල්ල වූවා යැයි කියන වෙඩි ප්‍රහාරයන් ගැන ද
ඇමැති මර්වින් සිල්වා මහතා විවරණයක යෙදෙයි.
වෙඩි හඬේ පරස්පරය ගැන සැක තැන්
ගණනාවක් ඇතැයි ද ඇමැතිවරයා කියයි. විජයදාස රාජපක්‍ෂ මහතාගේ නිවසට එල්ල
වූවා යැයි කියන වෙඩි ප්‍රහාරය පිළිබඳ පොලිස් පරීක්‍ෂණ අඛණ්ඩව සිදුවෙනවා.
ප්‍රදේශවාසීන් 16 දෙනෙකුගෙන් පමණ මේ වන විටත් සාක්‍ෂි සටහන් කොට ගෙන ඇතැයි
පොලිසිය සඳහන් කරයි. ඇසින් දුටු කිසිදු සාක්‍ෂියක් මේ වනතුරුත් ලැබී නොමැත.
ඇතැම් සාක්කි අතර ඇති පරස්පරයන් පිළිබඳව ද පුළුල් ලෙස විමර්ශනය කරන බව
පොලිසිය කියා සිටී.
0 comments:
Post a Comment