Photobucket

Saturday, December 22, 2012

වෙල්ගමට හැම මාසෙකම 20 ඉඳන් 28 වෙනකං නින්ද යන්නෙ නැතිලු...

පි දෛනික ආදායම මිලියන 550ක් හම්බකරනවා...

ශී‍්‍ර ලංගම සේවකයින්ට වැටුප් ගෙවාගන්නේ කොහොමදැයි හැම මොහොතකම තමන් කල්පනා කරන බවත් සෑම මාසයකම 20 වැනිදා සිට 28 වෙනතෙක් තමන්ට හරියට නින්ද යන්නේ නැති බවත් ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසනවා.

අපි කෙළින්ම සේවකයින්ගේ ගිණුමට රුපියල් දහදහස් එකසීයක් බැර කරනවා. ඉතිරි මුදල ගෙවන්න විතරයි ඩිපෝවලට තියන්නේ. සමහර ඩිපෝවල ඒක හරියට කෙරෙන්නේ නැහැ. සේවකයින්ගේ වැටුප නියමිත වෙලාවට ගෙවා ගන්න බැරි බවද වෙල්ගම මහතා පවසනවා.

අපි ඩිපෝවලට ටයර්, බැටරි දෙනවා. ඉතිරි ආදායම ඩිපෝව මගින් හම්බකරන්න  ඕනේ. මගීන් කිසි කෙනෙක්
බස්වල ණයට යන්නේ නැහැ. අපි දෛනික ආදායම මිලියන 550ක් හම්බකරනවා. එම ආදායම වෙන කිසිම ආයතනයකට ඒ නිසා සොයන්න බැහැ. 

එම ආදායමෙන් සියයට 60ක් ඞීසල්වලට යනවා. කෙසේ හෝ අපි මේ වැටුප් ගෙවීමේ ප‍්‍රශ්නයට පිළිතුරු සෙවිය යුතුයි. ලංගම සේවකයින් එකතුවෙලා හිතට අරන් ලංගම ගොඩගත යුතු බවද අමාත්‍යවරයා පැවසුවා.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all