මාතලේ ඕවිලිකන්ද ප්රදේශයට ඊයේ 29 දින කොළපාට වැස්සක් ඇතිවූ බව ප්රදේශවාසීන්
පවසයි.
ඊයේ (29) පෙරවරු 7.45ට හා පෙරදින සවස 3.30ට පමණ කොළපාට වැස්ස නිවාස ගණනාවකට පතිතව
ඇත. නිවෙස් හිමියන් හදිසියේ වර්ෂාව ඇතිවූ නිසා විපරම් කළවිට දක්නට ලැබී ඇත්තේ
වහලින් වැටෙන වතුර කොළපාට බවයි.
ඕවිල්ල පදිංචි එච්. එම්. විමලසිරි බණ්ඩාර මහතා අදහස් පලකරමින් කියාසිටියේ, උදේ 7.45
විතර වැස්සක් ඇතිවුණා. අපි ඒ සමඟම වතුර අතට අරන් බලනවිට ඒ වැසි වතුර කොළපාට හුරුවට
තිබුණා.
පසුව භාජනවලට එකතු කරලා බලනවිට තද කොළ පැහැයෙන් තිබුණා. වහලයේ තැනින් තැන තද කොළ
පැහැති පැල්ලම් තිබුණා. මීට පෙර කහපාට, රතුපාට වැහි වැහැලා තියෙනවා. මේවගේ දෙයක්
පළමු වතාවට අහල තිබුණේ. කනදරාදිවුල් වැවටත් කොළ වැසි මැදවච්චිය පොලිස් වසමේ
හොරොව්පොතාන මාර්ගයේ කනදරාදිවුල් වැව ප්රදේශයට ලා කොළ පැහැති වර්ෂාවක් පතිතවූ බව
එම ප්රදේශයේ පදිංචිකරුවකු වන පී. ආර්. එස්. රණතුංග මහතා පැවසීය. ඉකුත් (28) වනදා
සවස 2 – 2.20 අතර කාලය තුළදී විනාඩි පහක පමණ කාලයක් මෙම වර්ෂාව ඇදහැළුණු බවත්, ජලය
එක්රැස්කිරීම සඳහා තබා තිබූ බේසමකට මෙම ජලය පිරී තිබුණු බව මැදවච්චිය කනදරා
මැදවච්චිය, මැදවච්චිය පදිංචි පී. ආර්. එස්. රණතුංග මහතා පැවසුවේය. ප්රදේශයටම එම
වැස්ස ඇදහැලෙන්නට ඇති බවත්, බේසම් තබා තිබූ නිසා ජලය රැස්කර ගැනීමට හැකිවූ බවත් ඔහු
පැවැසූ අතර පරීක්ෂණ කටයුතුවලට ලබාදීමට ජලය රැස්කර තිබෙන බවත් ඔහු වැඩිදුරටත්
පැවැසීය.
මේ අතර මැදවච්චිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්රදේශ කිහිපයකට ඊයේ (30) පෙරවරුවේ
“කොළ පාට” වැසි පතිතවී තිබේ.
0 comments:
Post a Comment