Photobucket

Monday, December 31, 2012

මධුසමය ගෙවන්නට බයිසිකලයක නැගී ලොව වටා යන යුවළක්

ගමනේ අරමුණ දිලිඳු ජනයා වෙනුවෙන් අරමුදලක් පිහිටුවීම 

කැට් සහ ස්විටි බ්‍රිතාන්‍ය ජාතික නව යුවළකි. කැට් බ්‍රිතාන්‍ය  පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරක් දරන්නෙකි. කැටිගේ බිරිඳ  වන ස්විටි ගුරුවරියකි. මොවුන් විවාහ වූයේ පසු ගිය වසරේය. ඔවුන්ගේ මධුසමය ගෙවී යන්නේ සුඛෝපභෝගී හෝටලයක හෝ මුහුදු වෙරළක නොවේ. තවද මධු සමයේ කාලයද වසර දෙකහමාරක් පමණ දීර්ඝ වී ඇත. එයට හේතුව ඔවුන් එම මුළු කාලය තුළ බයිසිකලයක නැගී ලොව වටා යන බැවිනි. එම කාලය සුන්දර නොවන අතර, එය මානුෂික මෙහෙවරක් සඳහා වැය වන වාර්තා බිඳීමේ මධු සමය කාලයකි.

විවාහයෙන් පසුව මෙම යුවළ බයිසිකලයක් මත නැගුණහ. එය ටැන්ඩම් බයිසිකලයකි. එහි දෙදෙනකුට නිදා ගත හැකි කුටියක් ද සහිතය. බයිසිකල් ගමන ආරම්භ වූයේ 2011 වසරේ අගෝස්තු මාසයේ දී ය. ඒ නවසීලන්තයේ ක්‍රයිස්ඩර්ච් නගරයෙනි. ඔව්හු මුල් මාස හය තුළ කිලෝමීටර් 9000 ක් ගමන් කළහ. සුළඟ, අව්ව, වැස්ස සහ හිම මේ කාලය තුළ ඔවුනට සුලභ විය. එයින් ගමන එපා වෙන තරමටම ඔවුහු පීඩා වින්දහ.
මොවුන් නැවත එංගලන්තයට ළඟා වීමට නියමිතව ඇත්තේ 2014 මුල් කාලයේය. ඒ මීට අවුරුදු 15 කට පෙර කිලෝමීටර 38,143 ක දුරක් බයිසිකලය නැගී ලොව වටා ගිය පිල් සහ ලුවිස් යුවළගේ වාර්තාව බිඳ හෙළමිණි. 


කැට් සහ ස්විටි යුවළගේ මේ ගමනේ අරමුණ, එහිදී මුදල් එකතු කර අරමුදලක් ගොඩනැගීමය. ඒ දුප්පත්කමින් පීඩා විඳින ලොව ජන කොටසක් එයින් මුදවා නගා සිටුවීම සඳහාය

මේ වන විට කැට් සහ ස්විටි යුවළ මැ‍ලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේය. ඉන්දුනීසියාව, තායිලන්තය, ලාඕස්, කාම්බෝජය, වියට්නාමය සහ චීනය හරහා පාකිස්ථානයටද එතැනින්  ඉරානය, අසර්බයිජාන්, ආමේනියාව, ජෝර්ජියාව සහ තුර්කිය හරහා එංගලන්තයටද පැමිණීමෙන් මොවුන්ගේ මධුසමය නිමා වේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all