Photobucket

Monday, December 10, 2012

අගවිනිසුරුවරියගේ පරීක්ෂණයට සුපිරි තත්ත්වයක් ලබා දිය යුතු නෑ

රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව දැන් පැවැත්වෙන පරීක්ෂණය අධිකරණ ක්‍රියා මාර්ගයක් නොව විනය ක්‍රියාමාර්ගයක් බවත් ඇයත් අයත්වන්නේ රාජ්‍ය සේවයට නිසා ඇය වෙනුවෙන් සිදු කෙරෙන පරීක්ෂණයට අමුතු සුපිරි තත්ත්වයක් ලබා නොදිය යුතු බවත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති ඩබ්ලිව්.එච්. පියදාස පෙරේරා මහතා පැවසීය. ලොකු පොඩි භේදයක් නොමැතිව නීතිය කාටත් සාධාරණ විය යුතු බවත් උගත් නූගත් යනුවෙන් වෙන් කිරීමක් විය නොහැකි බවත් ඒ මහතා කීය. 

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණේ මෙහෙයවීමෙන් මෙම රැස්වීම පැවැත්විණි. 

මෙය පැවැත්වුණේ අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ඉදිරිපත් කර ඇති දෝෂාභියෝගය සහ ඒ සම්බන්ධයෙන් කථානායකවරයා විසින් පත්කර තිබෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ක්‍රියාදාමයන්ට එරෙහිව මතු වී ඇති විරෝධතා සම්බන්ධයෙන් වෘත්තීය සමිති හරහා ජනතාව දැනුවත් කිරීමට ය.


Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all